රුහුණු සරසවියේ සිසුවියකට නවක වදය දුන් සිසුවියන් දෙදෙනා තව දුරටත් රිමාන්ඩ්

රුහුණු සරසවියේ සිසුවියකට නවක වදය දුන් සිසුවියන් දෙදෙනා තව දුරටත් රිමාන්ඩ්

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකට බරපතළ අයුරින් නවකවදය දීමෙන් ආබාධිත තත්ත්වයට පත් කිරීමේ චෝදනාවට ලක්වී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනා 10 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 20 වන දින තෙක් නැවත රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් නියම කරන ලදී.

මෙසේ බන්ධනාගාරගත කෙරුණේ මානව ශාස්ත්‍ර පීඨයේධ්ධ් වසර ඉගෙනුම ලබන අකුරැස්ස ප්‍රදේශයේ සිසුවියක් සහ කලා පීඨයේ ධ්ධ් වසරේ ඉගෙනුම ලබන ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.

ගාලු පාර බලපිටිය පදිංචි රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ දෙහිගේ වයලා කුමුදුනි සිසුවිය විශ්වවිද්‍යාලයේ භෝජනාගාරයේදී 2011.12.21 වන දින නවකවදයට පත්කරන ලදී. එම හේතුව නිසා ඇයගේ දෙපා පණ නැතිවී මාතර සහ කොළඹ ජයවර්ධනපුර රෝහලේදී දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඇය ආබාධිත තත්ත්වයෙන් මේ වන විටත් පසුවෙන බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් කිරීමෙන් සිද්ධියට සම්බන්ධව සිටින සැකකාරියන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් මාතර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අකුරැස්ස සහ ගාල්ල වඳුරඹ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. සිද්ධියට සම්බන්ධව තවත් සිසුවියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මාතර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක, හේමාල් ප්‍රසන්න මහතාගේ උපදෙස් පරිදි සුළු පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා