පිරිමි දරුවකුට හදි කළ විදේශිකයාව අත්අඩංගුවට ගන්න ළමාරක්‍ෂක අධිකාරියට අධිකරණ නියෝග

පිරිමි දරුවකුට හදි කළ විදේශිකයාව අත්අඩංගුවට ගන්න ළමාරක්‍ෂක අධිකාරියට අධිකරණ නියෝග

බාලවයස්කාර පිරිමි දරුවකුට අපචාර ක්‍රියාවක් සිදුකළේ යැයි “ක්‍රිෂ් ඇඩෙයර්” නමැති විදේශීය ජාතිකයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඊයේ (10) ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් නිලධාරීන්ට විවෘත අධිකරණයේදී නියෝග කෙළේය.

දරුවාගේ පියා විසින් ළමා ආරක්‍ෂක අධිකාරියට කරන ලද පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා තිබුණු අතර, දරුවාගේ දෙමාපියන් දෙදෙනාම වෛද්‍යවරුන් බව අධිකරණයේදී අනාවරණය විය.

දරුවා මව භාරයේ සිටියදී මෙම අපචාරයට ලක්වූ බවත්, මව සහ පියා අතර පවුල් ආරවුලක් පවතින බවත්, දරුවාගේ පියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරු අධිකරණයේදී ප්‍රකාශ කළහ.

මෙහිදී දරුවාගේ දෙමාපියන් වූ වෛද්‍ය යුවලට ද විනිසුරුවරයා දැඩි සේ අවවාද කෙළේය. මෙම නඩුව ළමාරක්‍ෂක අධිකාරිය මගින් පවරා තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා