පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ
දෙදෙනෙක් අත්අඩංගුවට
අසේල කුරුලුවංශ
හැටන් රුවන්පුර රජයේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවෙන් නිකුත්කරන බලපත්‍රයේ සඳහන්
ප්‍රමාණයට වඩා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු
මස්කෙළිය විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය තොගය පරීක්ෂා කරමින් |
 |
ඔවුන් ගමන්
ගත් වෑන් රථයේ සහ ත්‍රිරෝද රථයේ ඇටෝනියම් කි. ග්‍රෑ. 50 ක්, ඩෙටනේටර් කරල් 50
ක්, බ්ලාස්ටින් පවුඩර් කි. ග්‍රෑ. 2ක්, ටෝටර් ජෙල් කි. ග්‍රෑ. 05 ක් තිබී පොලිසිය
සොයාගෙන ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගල් කොරි 12 ක් සඳහා එකකට ගල් කියුබ් 210 ක් කැඩීම
සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය සතියේ සෑම සිකුරාදා දිනකම හැටන් රුවන්පුර රජයේ
පුපුරන ද්‍රව්‍ය ගබඩාවෙන් නිකුත් කරනු ලබයි.
අදාළ ස්ථානයේ සිට බලපත්‍රයේ
සඳහන් ප්‍රමාණයට වඩා ඇතැම් පිරිස් පුපුරන ද්‍රව්‍ය රැගෙන යන බවට ලද තොරතුරු මත
පොලිසිය මෙම වැටලීම සිදු කර ඇත.
මෙසේ රැගෙන යන පුපුරන ද්‍රව්‍ය ඇතැම් ගල් කොරි
හිමියන් විසින් වැඩි මිලට විකුණන බවටත් ඇතැම් පිරිස් අනුමත ගල් කියුබ්
ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කැඩීමට මෙම පුපුරන ද්‍රව්‍ය උපයෝගි කරගන්නා
බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.
ගබඩාවෙන් නිකුත් කරනු ලබන පුපුරන ද්‍රව්‍ය සඳහා රජය අධිභාරයක් අය කරන බවත්
මෙලෙස බලපත්‍රයේ සඳහන් ප්‍රමාණයට වඩා පුපුරන ද්‍රව්‍ය වංචනික ලෙස පුපුරන
ද්‍රව්‍ය සඳහා රජය අධි භාරයක් අය කරන බවත් මෙලෙස බලපත්‍රයේ සඳහන් ප්‍රමාණයට
වඩා පුපුරන ද්‍රව්‍ය වංචනික ලෙස පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම මගින් රජයට ලැබිය
යුතු මුදලක් අහිමි වී යන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩීී. පී. ජී.
කුමාරසිරි මහතා පවසයි. සිද්ධිය පිළිබඳව හැටන් පොලිසිය වැඩි දුර විමර්ශන
ආරම්භ කර ඇත.
.
|