කප්පම් චෝදනාව අසත්‍යයි සිදු වූ අපහාසය ගැන වහා පරීක්ෂණ අරඹන්න
කප්පම් චෝදනාව අසත්‍යයි සිදු වූ අපහාසය ගැන
වහා පරීක්ෂණ අරඹන්න
නි. ඇමැති සරණ ගුණවර්ධන
පොලිස්පතිගෙන් ඉල්ලයි
විජයානි එදිරිසිංහ
ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් කෝටි දෙකහමාරක
කප්පම් මුදලක් ඉල්ලුවේ යැයි ඒ මහතාට එරෙහිව නිවාස ව්‍යාපාරිකයකු විසින්
පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ල අසත්‍යයක් යැයි පවසා ඉන් තමාට අපහාසවීම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට ඇමැතිවරයා ද ඊයේ
පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබිණි.
අමාත්‍යවරයා සමඟ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද පොලිස්
මූලස්ථානය වෙත පැමිණ එම පැමිණිල්ල කරනු ලැබිණි.
තවද මෙම නිවාස ඉදිකිරීම ගැන කෝප් කමිටුවෙන් ද ප්‍රශ්න කර ඇති බව ඇමැතිවරයා
පවසයි. තමා අදාළ නිවාස ව්‍යාපාරිකයාගෙන් කෝටි දෙකහමාරක කප්පම ඉල්ලා ඉන්
පනස් ලක්ෂයක් ලබාගත් බවට ඔහු කරන පැමිණිල්ල සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද
ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.
මෙම පැමිණිලි දෙක සම්බන්ධව ඊයේම (10) පරීක්ෂණ ආරම්භ කිරීමට පොලිස්පතිවරයා
විසින් උපදෙස් ලබා දී ඇත.
.
|