අත්‍යවශ්‍ය ආහාර රැසක මිල අද සිට පහළට
අත්‍යවශ්‍ය ආහාර රැසක
මිල අද සිට පහළට
ලංකා සතොස මගින් අලෙවි කරන සුදු සීනි, ටින් මාළු, සම්බා, රතු කැකුළු, සුදු
කැකුළු, නාඩු සහල්, පරිප්පු සහ හාල්මැස්සන් යන ආහාර ද්‍රව්‍යවල මිල ඊයේ (10) සිට
අඩු කර තිබේ.
ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි පාරිභෝගිකයන්ට උපරිම සහන ලබාදීමේ
අරමුණින් මෙම ආහාර ද්‍රව්‍ය මිල අඩු කළ බව සමූපකාර හා අභ්‍යන්තර වෙෙළඳ ඇමැති
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ලංකා සතොස නිලධාරින් සමඟ පෙරේදා සිදු කළ විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
ටෙන්ඩර් මිල ගණන් හා වෙළෙඳපළ මිල සසඳා බැලීමේ දී පාරිභෝගිකයින්ට උපරිම වාසි
අත්කරදීමට හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා නොපමාව එම වාසි අත්කරදීමට
කටයුතු කරන ලෙස ලංකා සතොස නිලධාරින් වෙත දැන්වීය.
හෙට සිට මිල අඩු කිරීම කළ යුතු
බවත් විශේෂ විමර්ශන ඒකකයක් මගින් සියලුම ලංකා සතොස ආයතනයන්වල මිල අඩු කර
ඇතිදැයි සෙවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
බඩු මිල අඩු කළ හැකි ඕනෑම අවස්ථාවකදී බඩු මිල අඩු කිරීමට රජය සූදානම් බව
අමාත්‍යවරයා අවධාරණය කළේය.
වෙළෙඳ පොළෙහි කලු කඩ වෙළෙඳුන් තමාට හිතුමතේ මිල
ඉහළ දමන බවත් මිල පාලනයක් ඇති කළ යුතු නිසා මෙලෙස මිල පහළ දැමීමට කටයුතු කළ
බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව නව මිල සංශෝධනයන් මෙසේය.
|
අයිතමය |
වෙළෙඳපළ මිල |
ලංකා සතොස නව මිල |
| සුදු සීනි |
105-110 |
96.50 |
| හාල් මැස්සන්
|
383.00 |
299.00 |
| ටින් මාළු
|
205.00 |
155.00 |
| සම්බා සහල්
|
69.00 65.00ට
වඩා වැඩි නොකිරීමට තීරණය විය |
|
| සුදු කැකුළු |
53.00 45.00
ට වඩා වැඩි නොකිරීමට තීරණය විය |
|
| නාඩු සහල්
|
60.00 |
55.00 |
| රතු නාඩු
සහල් |
55.00 45.00
ට වඩා වැඩි නොකිරීමට තීරණය විය |
|
| පරිප්පු
|
140.00 |
119.00 |
.
|