ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මංගල තරඟයේ ජය නැඟෙනහිර නාගාෂ් කණ්ඩායමට

ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මංගල තරඟයේ ජය නැඟෙනහිර නාගාෂ් කණ්ඩායමට

(2012-08-11 12:45)ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මංගල තරඟය රුහුණු රෝයල් හා නැඟෙනහිර නාගාෂ් කණ්ඩායම් අතර පැවත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙම තරඟ  පැවැත්වණු අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ලසිත් මාලිංග නායකත්වය දරන රුහුණු රෝයල් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ සියලුදෙනාම දැවී ලකුණු 134 ක් ලබාගෙන තිබේ. ළහිරු තිරිමාන්න ලකුණු 34 යි.

පන්දු යැවීමේදී නැගෙනහිර නාගාෂ් කණ්ඩායම වෙනුවෙන් ෂමින්ද එරංග ලකුණු 15 ට කඩුලු 3 දවා ගැනීමට සමත්විය. ‍

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැගෙනහිර නාගාෂ් කණ්ඩායම පන්දුවාර 12කදි කඩුලු 2ක් දැවී ලකුණු 77ක් ලබා සිටි අතර තරගයට වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා ඩක්වත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 5ක ජයක් ඔවුන්ට හිමි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා