නැඟෙනහිර නාගාස් කණ්ඩායමට ජය

නැඟෙනහිර නාගාස් කණ්ඩායමට ජය

නැගෙනහිර නාගාස් කණ්ඩායම සහ බස්නාහිර දන්ඩි කණ්ඩායම අතර පැවති තරඟයෙන් නැඟෙනහිර නාගාස් කණ්ඩායම කඩුලු 06ක ජයක් අත්කර ගත්තේය.

මුලින්ම පන්දුවට පහර දුන් ඩිල්ෂාන් ප්‍රමුඛ බස්නාහිර දන්ඩි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි ලකුණු 146 ලබා ගත්තේය.

එම ඉලක්කය හඹාගිය නැඟෙනහිර නාගාස් කණ්ඩායම පන්දුවාර 19 අවසානයේදි ජයග්‍රාහි ලකුණු සිමාව පසු කළේය.

සුපිරි පිති හරඹයක් දියත් කල මුෂ්මික් රහිම් අගනා ලකුණු 54 රැස්කර ගත්තේය.

බස්නාහිර පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 146 (තිලකරත්න ඩිල්ෂාන් 35, ඩැනියල් ස්මිත් 11, දිමුත් කරුණාරත්න 25, කැමරොන් බෝර්ගස් 32, ශාමින්ද එරංග 20/3, අජන්ත මෙන්ඩිස් 34/2)

නැගෙනහිර පිල ඕවර 19 කදී කඩුලූ 4 ට 151 (අහ්මඞ් ශෂාඞ් 18, ඇන්ජලෝ මැතිව්ස් 30, මුෂ්ෆිකුර් රහිම් නොදැවී 54, ඇන්ජලෝ පෙරේරා නොදැවී 15, ඩර්ක් නැනිස් 34/3)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා