ත්‍රිකුණාමලය මහනුවර , කන්තලේ දුම්රිය හරස් මාර්ගය අලුත් වැඩියාවට වසයි

(2012/09/05/12:10) ත්‍රිකුණාමලය මහනුවර මහා මාර්ගයේ කන්තලේ ගල්ඔය හා කන්තලේ දුම්රිය ස්ථාන අතර සැතපුම් එකසිය පනස් අටයි දම්වැල් පහ ස්ථානයේ දුම්රිය හරස් මාර්ගය . . . .

විස්තර»

දිනමිණ පුවතින්  අනාවරණය කිරීමෙන්  කරඬුපන මාර්ගය සංවර්ධනය කර අවසන්

(2012/09/05/10:55) වසර 25කට පෙර කන්ද උඩරට දුර්ග මාර්ග මෝටර් රථ ධාවන තරග පැවැත්වූ “ කරඬුපන, අත්තනගොඩ “ දුර්ග මාර්ගය ඉතාමත් අබලන් තත්ත්වයක පැවැතුණේය.

විස්තර»

* ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමේ අවදානම වැඩි කාන්තාවන්ට

* ශ්‍රී ලංකා ජනගහනයෙන්  සියයට නවයකට ශ්‍රවණාබාධ


අප ඉදි­රි­යට යා යුතු ­වන්නේ වැඩ කිරී­මෙන් මිස මඩ ගැසී­මෙන් නොවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
 2012 සැප්තැම්බර් 03 පොළොන්නරුවේ


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


* පළාත් තුනෙන් සන්ධානයට සියයට 59ක්
* ජනප්‍රියතම නායකයා ජනපති මහින්ද

පළාත් සභා මැතිවරණයේදී සන්ධානයට විශිෂ්ට ජයක්

කැලණි සරසවි විශ්ලේෂණයකින්
අනාවරණය වේ

උතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා තුනේ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 59ක සමස්ත ජනතා ප්‍රසාදයක් ලබා විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය එකී පළාත් තුනේ කළ ජනමත විශ්ලේෂණයකින් අනාවරණය වෙයි.එක්සත් ජාතික පක්ෂයට සියට 15ක්, ජනතා විමුක්ති පෙරමුණ සියයට 2ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සියයට 8ක්, දෙමළ ජාතික සන්ධානය සියයට 10ක්, වෙනත් පක්ෂ හා කණ්ඩායම් සියයට 2ක්ද වශයෙන් සමස්ත ප්‍රතිඵලය ලෙස ලබාගන්නා බවත්, ප්‍රකාශ නොකළ පිරිස සියයට 4ක් බවත් මේ විශ්ලේෂණයේදී හෙළිදරව් වී ඇති බව . . . . .

විස්තර»

ජාතිවාදය අවුස්සන අයට ගොදුරු
වෙන්න එපා

ජනපති අවධාරණය කරයි

ජාතිවාදය අවුළුවන ඇතැම් දේශපාලනඥයන් ජනතාව අතර ඇති සුහදතාව විනාශ කිරීමට උත්සාහ දරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ඡන්දය බලාපොරොත්තුවෙන් මෙසේ ජාතිවාදය අවුළුවන අයගේ ක්‍රියාවලට ජනතාව හසු නොවිය යුතු බවද ජනාධිපතිවරයා කීය.නැ‍ෙඟනහිර පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග්‍රහණය වෙනුවෙන් කින්නියා නගරයේ දී ඊයේ (4) පැවැති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

විස්තර»

කපිලවස්තු සර්වඥධාතු අද තිස්සමහාරාමයට වැඩමවයි

කපිලවස්තු පුර ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ අද (5) තිස්සමහාරාමයට වැඩම කෙරෙති.බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අද පෙරවරුවේ වැඩම කරන බව තිස්සමහාරාම රජමහා විහාරය, සඳගිරිය උභය රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ පවසති. මාතර සිට විශේෂ හෙලිකොප්ටර් යානයකින් වීරවිල ගුවන් හමුදා කඳවුර වෙතට ගුවනින් වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් භාරගෙන විශේෂ ආරක්ෂිත . . . .

විස්තර»

කිසිවකු කපිලවස්තු ධාතු ගැන සැක පතුරන්නේ නම් එය විශාල වරදක්

නියංගොඩ ශ්‍රී විජිතසිරි

කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේ බුදුන් වහන්සේගේ බවට පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින්ද තහවුරු වී තිබෙන බැවින් ඒ පිළිබඳව කිසියම් හෝ සැකයක් යමෙකු ඇතිකරවන්නේ නම් එය විශාල වරදක් බව මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ පවසති.සොයාගත් මේ සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම බෞද්ධ අපට මහා ආනිසංස ගෙන දෙන්නක් බවද උන් වහන්සේ කීහ.

විස්තර»

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන කළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නෑ

ගුරු සේවා සංගම් ප්‍රධාන ලේකම්

පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවූ බවට තමා කළ ප්‍රකාශය පිළිබඳ ඔහුට විශ්වාසයක් නැතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (4) රහස් පොලිසියට කටඋත්තරයක් ලබා දෙමින් පවසා ඇත.පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බවට ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුව ඊයේ රහස් පොලිසිය වෙත කැඳවා තිබිනි.

විස්තර»

 

ඉහළට ඉහළට ඉහළට
නැඟෙන් පුතුනේ !

“මගේ පුංචි පුතේ තව ඉහළට ඉහළට ඉහළටම යන්න. මං ඔයා ඉහළටම ඔසොවන්නම්. ඔයා තමයි අපේ අනාගතය. පුතා අපෙයි. අපේමයි. හෙට දවසේ පුතා තනියම, මුළු රටේම දූ පුතුන් එක්ක ඉහළට නැඟෙනවා දැකීම තරම් ආස්වාදයක් මට නෑ. මේ සේරම මං ඉටුකරන්නේ පුතාලා නිසාමයි. අනාගතය-සුබ අනාගතයක් සඳහාමයි. රටේ ම දරුවන්ගේ අභිමානවත් පියාණන් වූ “මහින්ද රාජපක්ෂ ජන නායකයා මේ සිඟිත්තා මෙසේ ඉහළට ඔසොවා පෑ සෙනෙහස අපේ ඇස ගැසුණේ කන්තලේ භාතියාගම පැවැති මහජන රැලියකදීයි.

ඡායාරූපය- කමල් ජයමාන්න

 

සැදැහැ සිතින් කපිල වස්තුපුර ධාතුන් වැඳගන්නට
මහජනයා පැමණෙනු දැක නොහැකිව එය ඉවසන්නට
රනිල් කියයි එපාලු සන්ධානෙට ඡන්දය දෙන්නට
එපා මෙහෙම බුදු දහමත් නිගාවකට හරවන්න‍ට

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast