මොහොමඩ් නෂීඩ් ආරක්ෂාව අඩු හිර ගෙයකට | දිනමිණ

මොහොමඩ් නෂීඩ් ආරක්ෂාව අඩු හිර ගෙයකට

බන්ධනාගාරගතව සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඊයේ මාලේ අගනගරයෙන් පැයක දුරින් පිහිටි අඩු ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කර තිබේ.

ඔහුගේ පාලන කාලයේදී අධිකරණ විනිසුරුවරකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදී චෝදනා යටතේ වරදකරු වී ඔහු 13 වසරක සිරදඬුවමක් විඳිමින් සිටී.

ඉකුත් මාර්තු 13දා ඔහුට මේ සිරදඬුවම් නියම වීමෙන් පසු ඔහු ධූනිදූ දූපතේ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තිබුණේ මාෆුෂි දූපතේ අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඔහු වෙනුවෙන් විශේෂ කුටියක් ඉදිකිරීම අවසන් වනතුරු බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා ඇත. ඒ අනුව වායුසමනය කළ, රූපවාහිනිය හා වීසිඩී ධාවකයින් ද යුත් ලී බඩුවලින් සමන්විත කුටියක් ඉදිකෙරෙන බව ද අමාත්‍යාංශය පවසා තිබේ.

කෙසේ වෙතත් ඊයේ ඔහු හිමා‍ෆුෂි දූපතේ අසේරි බන්ධනාගාරයට මාරු කර ඇත්තේද මාෆුෂි හි ඉදිකිරීම් අවසන් වනතුරුය. එහෙත් එම ඉදිකිරීම් අවසන් කරන දිනයක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහනක් කර නැත.


නව අදහස දක්වන්න

Or log in with...