බැලේවලට වැලේ වැල් නෑ | දිනමිණ

බැලේවලට වැලේ වැල් නෑ

රාජ්‍ය මුද්‍රා නාට්‍ය නර්තන සම්මාන උළෙල පසුගියදා නිමාවිය. එහි හොඳම මුද්‍රා නාට්‍යය (විවෘත) සහ හොඳම මුද්‍රා නාට්‍ය අධ්‍යකෂවරයා මෙන්ම හොඳම මුද්‍රා නාට්‍ය ශිල්පියා සහ ශිල්පිණිය ඇතුළු සම්මාන පහක් ‘තම්බපන්නියේ ආදරය” නිර්මාණයට හිමිවිය. එය තිලාන් මලිගැස්පගේ අධ්‍යක්ෂණයකි. මේ රසමංජරිය තිලාන් හා කළ කතා බහකි.

ඔබ මුද්‍රානාට්‍ය කලාවට සම්බන්ධ වෙන්නේ?

සෝමා විජේසේකරගේ ‘සංගලි’ සහ සීගිරි කාශ්‍යප නිර්මාණ හරහායි. ‘රුහිර පතන කිරුළ’ මට මාද අහිමිවේ ‘කඩතොළු නිමේෂය” වගේ නිර්මාණවලින් පස්සේ මං 2012 දී ‘කුවේණි සහ විජය’ කළා. ඒ ඇසුරින් තමයි මේ සම්මාන දිනූ ‘තම්බපන්නි පෙම් යුවළ කළේ. මීට කලින් තුන් වතාවක් මං මේ උළෙලට නිර්මාණ ඉදිරිපත් කළා. නොකඩවා නොපැවැත්වූ මේ උ‍ෙළල මේ වතාවේ පැවැත්වීම වෙනුවෙන් මං සංවිධායකයන්ට ස්තුති කරනවා.

ඔබ තරමක පසුතැවිලි ගතියකින් කතාකරන්නේ?

<P>ඇත්තත අද වන විට බැලේ කලාවට කණකොකා හඬලා ඉවරයි. නමුත් බැලේ කියන්නේ ලෝක ප්‍රකට නර්තන කලාවක්. ශාරීරිකව වැදගත් වගේම මනසත් වඩවන විශ්වීය වැදගත්කමක් බැලේවල තියෙනවා. අපේ රටේත් මේ කලාවට හොඳ කාලයක් පණීභාරත වජිරා - චිත්‍රසේන වගේ කලාකරුවන් නිසා උදාවෙලා තිබුණා. නමුත් ඒ ආලෝකය ටිකෙන් ටික දැන් අඳුරුවීගෙන යනවා. විශ්වවිද්‍යාලවල මේ විෂය උගන්වනවා.

ඒත් මතුපිටින් අතපතගාලා මේ විෂයේ හරය ලබන්න බෑ. පාසල් විෂය නිර්දේශයට හයේ පන්තියේ ඉදලාවත් බැලේ ඇතුළුකරන්න පුළුවන්නම් වැදගත්. මමත් කාලයක් මේ බැලේ ෆෙස්ටිවල් එකට යන්නේ නැහැ කියලා දැඩි මතයක හිටියා. වියදම් අධිකකම ඒකට ප්‍රධාන හේතුවක්. මේ වතාවේ මුද්‍රා නාට්‍ය උළෙල තිබ්බා කියලා කවුරුවත් දන්නේ නැතැයි කියන්නේ ඔය වගේ කාරණා නිසා‍.

රියැලිටිවලින් ඇත්තටම නර්තනයට පිටිවහලක් ලැබෙනවාද?

ඇත්තටම එහෙම පරමාර්ථයෙන් කරනවා නම් උඩරට, පහතරට වගේ වෙන් වෙන් විදියටයි කරන්න ඕනෑ. ඒත් දැන් හුඟක් කෙරෙන්නේ අච්චාරුවක් දාල. කොයි වර්ගයද වැඩිපුර රස කියලා අහනවා වගේ වැඩක්. ළමයින්ව රියලිටි වේදිකාවට නංවනවාට මං දැඩිව විරුද්ධයි.

ඒක හරියට පැහිච්ච නැති පලතුරු වස විස ගහලා ඉඳවන්න හදනවා වගේ. ශිෂ්‍යත්ව විභාගයට පන්ති අරන් දුවනවාටත් වඩා අන්ත විදියට අම්මලා දරුවන්වත් තියාගෙන දවස් ගණන් මේ පෝලිම්වල ලඟිනවා. බීම බෝතලයක් විස්කෝතු පැකට් එකක් අතට දීලා ඒ අයව ඇඩ් එකකට ගත්තාය කියලා දරුවාට ලැබෙන දෙයක් නැහැ. තරගයෙන් පැරදුණු දරුවන් අම්මලාගේ සාරිපොටේ එල්ලිලා අඬන විදියත් පෙන්වන තැනටම දෑස රියැලිටි වැටිලා.

ඔබත් ගුරුවරයෙක්?

ඔව්. ඒත් මං මගේ සිසු සිසුවියන්ට හදන්නේ ටීිවීවල පත්තරවල රේඩියෝවල යන්න නෙවෙයි. සමාජයේ හෙට දවසේ සාර්ථකත්වයට කලාවෙන් කරන්න පුළුවන් ආදරණීය මඟ පෙන්වීම කරන්නයි. මට අවුරුදු 21 කාලයේදී ළමයි හතර දෙනෙකුගෙන් තමයි මුල්ම ක නැටුමු කණ්ඩායම පටන් ගත්තේ. හරිම අමාරුවෙන් ඉගෙන ගත්ත කලාව නොමිලේ උගන්වන්න ඕනෑ කියලයි මං සිතන්නේ. ම ුදලට සුළු පිරිසකට පන්ති කළත් ඒ ආදායමත් ආර්ථික අපහසුතා පවතින දරුවන්ගේ යහපතටමයි යොදවන්නේ.

පන්ති කාමර‍ෙය්දී එතරම් සමත්කම් නොදක්වන දරුවන්ගේ දක්ෂතා ඔප් නංවන්න සෞන්දර්යය විෂයන් ඉතා වැදගත්. මං පාසල් සහ ආයතනවලට ගොස් සංගීත චිකිත්සාව වැඩසටහන් පැවැත්වීම ත් කරනවා. ‘දොම්පෙට යන පාර කොයිඹදෝ’ කියලා අපේ පාරම්පරික ජන ජීවිතය ඇසුරින් ළමා නාට්‍යයක් කරන්න මේ දිනවල සූදානම් වෙනවා.

ඒ වගේමමට නැටුම් අධ්‍යක්ෂණය පැවරී තිබෙන චිත්‍රපට අටක ආධුනිකයන්ට නර්තන අවස්ථා ලබාදෙන්නටත් මට හැකියාව තියෙනවා. නමුත් ඒ දක්ෂතා ඇති අයට පමණයි. ඉතින් ගායන නර්තන සහ රංගන හැකියාවන් තිබෙන සහ ඊට ලැදි ව යස අවුරුදු දහයට වැඩි තැනැත්තන්ට මගේ ‘නිලාන් මලිගැස්සප ක්‍රියෝටිව් ඩාන්ස් ඇන්ඩ’ ඩ්‍රාමා ඇකඩමිය’ විවෘතයි‍. නොමිලයේම පවත්වන පාඨමාලා සඳහා අංක 289/12 සේපාලිකා උයන, වටරැක - පාදුක්ක ලිපිනයට අයදුම්පත් එවිය හැකියි.


නව අදහස දක්වන්න

Or log in with...