දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනපතිගේ විසිදෙවැනි ගුණ සමරුව ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් | දිනමිණ

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනපතිගේ විසිදෙවැනි ගුණ සමරුව ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ විසිදෙවැනි ගුණසමරුව හෙටට (01) යෙදී තිබේ.
 
ගුණසමරු වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ, නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (01) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ, ප්‍රේමදාස පිළිරුව අසළ දී පැවැත්වේ.
 
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව වෙනුවෙන් නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය වැඩසටහන් රැසක් සංවිධානකර තිබේ.
 
රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ සහභාගීත්ව නිවාස සංකල්පය ප්‍රති නිර්මාණය වන අයුරින් මෙවර ගුණසමරු වැඩසටහන සංවිධාන කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පළන්සූරිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ රණසිංහ ප්‍රේමදාස ගුණසමරුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ දි ඊයේ(29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
 
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පළන්සූරිය මහතා සඳහන් කළේ 1979 වසරේ දී නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බවයි. 1979-1984 වකවානුවේ දී නිවාස දශලක්ෂයේ වැඩසටහසන ආරම්භ කරමින් සෑම පුරවැසියකුගේම නිවාස අවශ්‍යතාව වෙනුවෙන් මැදිහත්වීමට කටයුතු කළ බවත් කිය
 
ජනසහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහනේ නිර්මාතෘවරයා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ විසිදෙවැනි ගුණසමරු වැඩසටහන ජනතාවට ප්‍රතිලාභ හිමිවන අයුරින් පැවැත්වෙන අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 1000ක් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය මෙහිදි සිදුකෙරේ. එමෙන්ම සැමට සෙවණ වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 800කට ප්‍රතිලාභ ලබාදීමත් සිදුකරන බව පළන්සූරිය මහතා සඳහන් කළේය.
 
එමෙන්ම දිවිනැඟුම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන නිවාස ආධාර වැඩසටහන යටතේ 100දෙනෙකු හට හිමිකම් පත්‍ර ලබාදීමත් මෙහිදි සිදුකෙරේ. රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව නිමිත්තෙන් දිවිනැඟුම ‍දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කරන දිරිය සවිය වැඩසටහන යටතේත් රුපියල් ලක්ෂයක් බැගින් වන අඩු පොලි ණය මුදල් ප්‍රදානයත් මෙහිදි සිදුකෙරේ.
 
මෙම අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් එක්වුහ.

අදහස් 1ක් ඇත

ගුණසමරු වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ, නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (01) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ, ප්‍රේමදාස පිළිරුව අසළ දී පැවැත්වේ.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...