නන් දෙසින් ආධාර ගලා ආවත් නේපාලයේ දුෂ්කර ප්‍රදේශවලට ළඟා වීමේ ගැටලු | දිනමිණ

නන් දෙසින් ආධාර ගලා ආවත් නේපාලයේ දුෂ්කර ප්‍රදේශවලට ළඟා වීමේ ගැටලු

ඒ.එෆ්.පි
මීට දින පහකට පෙර සිදුවු බිහිසුණු භූමිකම්පා ඛේදවාචකයට මුහුණ දුන් නේපාලය වෙත ලොව නන් දෙසින් සහනාධාර ගලා එන බව වාර්තා වේ. දරුණුම විපත් සිදුවු ගොර්කා ප්‍රානතයේ අන්ත අසරණ ත්ත්වයකට පත්වි සිටින සරණාගතයන් අධාර අපේක්ෂාවෙන් එහි පැමිණෙන හෙලිකොප්ටර් වෙත දැත් ඔසවාගෙන දුව යන බව වාර්තා වේ. වසර 80කින් පමණ අනතුරුව සිදුවු දරුණුතම භූකම්පනයක් ලෙස සැලකෙන මෙම භූමිකම්පාව හේතුවෙන් 5000කට අධික පිරිසක් මියගොස් 8000කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි නවතම විදෙස් වාර්තාවල සඳහන් වේ. නේපාල ජනාධිපති කොයිරාල විසින් දින තුනක් ජාතික ශෝක කාලයක් සහ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.
 
ඇතැම් අති දුෂ්කර ප්‍රදේශවලට ළඟාවීමේ දුෂ්කරතා, අවශ්‍ය ආම්පන්න සහ වි‍‍ශේෂඥ දැනුම හිඟය හේතුවෙන් විපතට පත් අයට ආධාර ලබාදීම ගැටලු සහගත වී තිබේ. නේපාල හමුදා ප්‍රකාශක ජග්දිස් පොකරල් ද මේ බව අවධාරණය කර තිබේ. මේ අතර නේපාලයට එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් පමණක් තිබීම නිසා ආධාර රැගෙන ආ ඇතැම් ගුවන් යානා ආපසු හැරී ගොස් ඇත.
 
සහනාධාර සැපයීමේ කටයුතුවල පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාවයි. මේ අතර නේපාලයට මුලින්ම ආධාර සැපයු රටවල් තුන අතර ශ්‍රී ලංකාව ද සිටින බව වාර්තා වේ. ඇමෙරික‍ව, චීනය සහ ඊශ්‍රායලය ද සහනාධාර සැපයීමේ මෙහෙයුමට එක්වි සිටී. ලබා දීමට බලාපොරොත්තු වු සහනාධාර ඇමෙරිකන් ඩොලර් මිලියන 4.7 දක්වා වැඩි කරන බව ඔස්ට්‍රේලියාව පවසයි.
 
නේපාල ඛේදවාචකයෙන් පිඩාවට පත් අයට සහන සැලසීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 15ක් හදිසි ආධාර යටතේ මුදාහරින බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි. ඉදිරි මාස තුනේදි ඇමෙරිකන් ඩොලර් මිලියන් 1.4ක ආහාර ආධාර නේපාලයට ලබාදෙන බව ලෝක ආහාර සංවිධානය ප්‍රතිඥා දි තිබේ. පීඩාවට පත් ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට ජගත් සංවිධාන සහනාධාර ප්‍රධානි වැලරි අමොස් අද නේපාලයට පැමිණෙනු ඇත. ඇය තුන් දිනකසහනාධාර කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිතය .
 
මෙම ඛේදවාචකයෙන්දුගී රටක් වන නේපාලයේ ආර්ථිකයට මරු පහරක් වැදී ඇත. දසකයකට වැඩි කාලයක් පැවැති සිවිල් යුද්ධයෙන් නේපාලය මිදුණේ 2006 දියි. පසු කම්පන තවමත් සිදුවන බවත් ජනතාව දහස් ගණනින් කත්මණ්ඩු නගරයෙන් පිටවී යාමට පටන්ගෙන ඇති බවත් වාර්තා වේ.

නව අදහස දක්වන්න

Or log in with...