රාජකීය බිලිඳු උපතට දිනත් පැනලා කේට් තවමත් සාප්පු සවාරියේ | දිනමිණ

රාජකීය බිලිඳු උපතට දිනත් පැනලා කේට් තවමත් සාප්පු සවාරියේ

ඒ.එෆ්.පි
රාජකීය බිලිඳකුගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් මුළුමහත් බ්‍රිතාන්‍ය ජනතාවම පාහේ නොඉවසිල්ලෙන් පසුවද්දී එම බිලිඳු උපත සිදුවිය යුතු කාලසීමාව ද ඉක්මවා සිටින කේට් කුමරිය ඒ කිසිවක් ගණන් නොගෙන සාමාන්‍ය කාන්තාවක ලෙස පසුගියදා සාප්පු යනු දක්නටලැබුණු අතර පෙරේදා සිය පුතු ජෝර්ජ් කුමරු සමඟ බකිංහැම් මාළිගයේ පිහිනුම් තටාකයේ සිටි බවද වාර්තා වේ.
 
මේ නිසා පිහිනීම ප්‍රසව වේදනා ඇති කරන ක්‍රියාවලියක් යන වෛද්‍ය මතය සනාථ කරගැනීමට ඇය යොමුවී ද යන සැකය මතුව තිබේ. දිවා කාලයේ ඇය සිය රේන්ජි රෝවර් රිය පදවා ගෙන යනුද දක්නට ලැබී තිබේ. ඇගේ රාජකීය ආරක්ෂකයකු ඉදිරි අසුනේ සිටි අතර ජෝර්ජ් කුමරු ආයා සමගින් පිටුපස අසුනේ සිට ඇත.
 
පසුගිය දිනවල කෙන්සින්ටන් මාළිගයට නුදුරින් පිහිටි සාප්පුවක ඇය භාණ්ඩ මිලට ගනිමින් සිටිනු දක්නට ලැබී ඇති අතර එහි සේවිකාවක පවසා ඇත්තේ ඇය ගර්භනී තත්ත්වයේ පසුවන්නේ ද යන්න පවා කිව නොහැකි තරමට සැහැල්ලුවෙන් හැසිරුණු බවය. ඇය අඩි උස සපත්තු පවා පැළඳ සිටි අතර බෙහෙවින් ප්‍රසන්න හා සන්සුන් බවක් පල කළ බවද සේවිකාව කීවාය. ඇය බිලිඳුන් සඳහාම නොවන, නිල් පැහැ භාණ්ඩ දෙස වැඩි අවධානයක් ‍යොමු කළ අතර එය ඇය එම වර්ණයට දක්වන දැඩි කැමැත්ත හෝ මෙලොව එළිය දැකීමට සූදානම් බිලිඳාගේ ලිංගිකත්වය හෝ අඟවන්නක් ද යන සැකය මතු කරන්නක් වී ඇතැයි ද එම සේවිකාව ප්‍රකාශ කර තිබේ.
 
මේ අතර ඇගේ දාරකෝත්පත්තිය සිදු කිරීමට නියමිත පෞද්ගලික මාතෘ ඒකකයට පැය24 පුරාම ආරක්ෂාව සපයා ඇති අතර ඇය එහි ඇතුළු වීමෙන් පසු එම ආරක්ෂාව තවතවත් තර කරනු ඇතැයි පැවැසේ.

නව අදහස දක්වන්න

Or log in with...