හරීන්ට තව කොක්කක් | දිනමිණ

හරීන්ට තව කොක්කක්

ප්‍රබුද්ධි

 රට කරවන හයියෙන් මේ පාර සිරාම බුලට් එකක් එකක තමයි කතාවට වැටෙන්නේ.හරීන් කිව්වම ඉතින් ලොකු පොඩි හැමෝම හරි හරියට කතා කරන පොරක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.අපේ මහ ඇමැතිතුමා අල්ලගන්න එක නම් එච්චර ලේසි වුණේ නෑ.මහ වැඩ කන්දරාවක් කරන නිසාම කොහෙන්ද ඉතිං මෙයාට හරි හමන් විවේකයක්.කොහොමහරි Y team  එකේ අපිත් වැඩේ අත ඇරියෙ නෑ.කොහොමහරි කොක්කක් දාලා පටලවා ගත්තා.අපේ කොක්කට පැටළුණු හරීන් කොළුවා ඒකෙන් රිංගලා ශේප් එකේ ඇඟ බේරගත්තද නැත්නම් ඇම ගිලල මාලුවා කරගත්ත දේ කරගත්තද කියලා.කියවලම බලන්ටකෝ.

ඇයි ඔයතරම් වලියට බර?

මං වලි දාගන්නෙ නෑ.හැබැයි අයුක්තිය අසාධාරණය දැක්කම ඒකට එරෙහිව කතා කරනවා.

රණ්ඩු වෙන එක විනෝදාංශයද?

නෑ.දිගින් දිගටම අරියාදු කරන කොටනම් පාඩුවේ ඉන්න දෙන්නෙ නැතුව කරදර කරනවනම් මට ටිකක් කේන්ති යනව නම් තමයි.

එහෙනම් මිනිස්සුන්ට ක‍ටු දෙන එක විනෝදාංශය ද?

හිතා මතා නම් මං කාටවත් කට්ටක් දීලා නෑ.

රෑට රෑට night club අස්සේ රිංගනවා කියන කතාව ඇත්තද?

යන්නේ නෑ.ඒත් මං සංගීතයට ගොඩක් ආස කරන කෙනෙක්.ඉතින් මං යන ඒ වගේ තැන් කීපයක් තියනව කොළඹ.

එහෙනම් අරක්කු සිගරට් ටිකක් බොනව ඇති නේද?

පාර්ලිමේන්තු යනකම් නම් කටේ තිබ්බේ නෑ.දැන් නම් වයින් ටිකක් බොන්න ආසයි.

සරම අඳින්නේ මිනිස්සු ගොනාට අන්දන්න නේද.මං ගමේ බයියෙක් කියල?

හපෝ නෑ.මට සරම ගොඩක් පහසුයි.

අද තාරුණ්‍යය ගැන මොකද හිතෙන්නේ

අද තාරුණ්‍යය ගොඩාක් බුද්ධිමත්.ගොඩාක් අවබෝධයෙන් ඉන්න කොටසක්.එදාට වඩා අද තාරුණ්‍යය ගොඩාක් ඉස්සරහින් ඉන්නවා.

වැඩිහිටියන් තරුණයන්ට ඇඟිල්ල දික් කරන එක හරිද?

ඇඟිල්ල දික් කරන එක වැරදියි.දරුවොත් එක්ක හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕන කියලයි මගේ හැඟීම.

අපේ රටේ තරුණයෝ ඉන්නේ ලොකු පීඩනයකින් නේද?

ඔව්.උගත් කෙනාට ඉඩක් නැති වුණාම, සුදුස්සට සුදුසු තැන නොලැබෙන කොට තරුණයො පීඩනයකට පත් වීම සාධාරණයි.අපි ඒ තත්ත්වය නැති කරන්න ඕන.සැමටම සාධාරණ සමාජයක් ගොඩ නැඟුවම ඔය තත්ත්වය නැති කර ගන්න පුළුවන්.

මහ ඇමැති වුණත් තරුණයන්ට කරපු ඇති කෙංගෙඩියක් නෑ නේද?

මගේ පළාතේ 99%ක් තරුණයන් ඉන්නේ මාත් එක්ක.මං මුදල් වියදම් කරන්නෙත් එයල වෙනුවෙන්.ඌවේ තරුණයන්ට මං තරම් වැඩ කරපු කෙනෙක් නැති තරම්.උපාධිධාරීන්ට ‍රැකියා දීම,ක්‍රීඩා අංශ දියුණු කිරීම,වෘත්තීය පුහුණුව ලබා දීම වගේ අතිවිශාල වැඩ කොටසක් මං තරුණයන් වෙනුවෙන් කරල තියනවා.

ආදරය දකින්නේ කොහොමද?

නැතුවම බැරි සුන්දරම දෙයක්.

පළමු ආදරය මතකද?

ඒක ඉස්කෝලෙ කාලෙ ඇති වුණ දෙයක්. එයාගෙ නම සෙනාලි. දැන් එයා බැඳලා ළමයි පවා ඉන්නවා.

බූට් පාරක් කෑවද?බූට් එකක් දුන්නද?

දුන්නෙත් නෑ. කෑවෙත් නෑ. දෙපැත්තෙම වැඩිහිටියො අකමැති වුණ නිසා නවත්තන්න වුණා. ඒත් අපේ මිත්‍රත්වය නම් තාම තියනවා.

කෙල්ලො කීයක් එක්ක යාළුවෙලා තියනවද?

wife එක්ක තුන් දෙනයි.

කෙල්ලෙක් කොටට ඇඳන් යනකොට දෙපාරක් බලනව කියන්නේ ඇත්තද?

හපෝ මං බල්න්නෙ නෑ.ඒත් ඉතිං මගේ ඇහනම් බලනවා.මං මොනා කරන්නද ඉබේටම මගෙ අහැ ඒ පැත්තට හැරෙනව නම්.

හරිම වල් කියන්නේ ඇත්තද?

මම වල් නම් නෑ.මිනිස්සු කොහොම දකිනවද කියල නම් මං දන්නේ නෑ.

කොහේද ඉස්කෝලෙ ගියේ?

කොළඹ ශාන්ත ජෝසප් විදුහලට

ඉස්කෝලෙදි කරපු මගෝඩි වැඩ ගොඩාක් තියනව නේද?

හපොයි ඔව්.

මතකද එහෙම දෙයක්

class cut කරපු එක තමයි නිතරම කළේ.මං කොහොමත් දඩබ්බර චරිතයක්.මගෝඩි වැඩ කරල නිතරම ගුටි කාල තියනවා.

යාළුවෝ පාවා දීල තියනවද?

ඔව් එහෙම දෙයක් වෙලා තියනවා.ඉස්කෝලෙන් පැනල දවසක් මං අහුවුණා.ඉතින් මාත් එක්ක පැන්න අනිත් කෙනාව මං පාවලා දුන්නා.එයා අදටත් මාත් එක්ක තරහයි.මොකද ඒ සිද්ධිය නිසා එයාව ඉස්කෝලෙන් අස් කළා.

අපේ තරුණ තරුණියන්ට කියන්න තියන පණිවිඩය මොකක්ද?

ලොකු ආත්ම විශ්වාසයක් තියාගන්න.තමන්ටම කියල හීනයක් තියාගන්න.ඒ හීනය හැබෑ කරගන්න නිතරම උත්සාහ කරන්න.තරුවක් වෙන්න හිතට ගන්න.ඒ වගේම තරු අල්ලන්න උත්සාහ කරන්න. අඩුම තරමෙ එතකොට ගහකට නැඟ ගන්නවත් පුළුවන් වෙනවා. ජීවිතේට ඉලක්කයක් තියගන්න. ඒ ඉලක්කය වෙනුවෙන් නිතරම දුවන්න.කවදාවත් ඔයාලට වරදින්නේ නෑ. කාලයක් ගත වුණත් ජය ලැබෙනව නියතයි.


අදහස් 3ක් ඇත

Gosh this guy is a disaster waiting to happen. He can't debate logically or to the point. Goes all over the place and starts shouting - all out of place and chaotic. Tragic.

පිටු

නව අදහස දක්වන්න