ඇවන්ගාඩ් සමාගමේ සියලු ලිපි ලේඛන ආරක්ෂා ඇතිව තබා ගන්න | දිනමිණ

 ඇවන්ගාඩ් සමාගමේ සියලු ලිපි ලේඛන ආරක්ෂා ඇතිව තබා ගන්න

ගාල්ල දිසා සමුහ

 ගාල්ල වරායේ නවතා ඇති ආයුධ සහිත ඇවන්ගාඩ් නැව සම්බන්ධ නඩුව ඊයේ (5) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැදවු අවස්ථාවේ දි මෙම සමාගම ආරම්භයේ සිට අද දක්වා පරිහරණය කරනු ලැබු ගිණුම් හා පරිපාලන වාර්තා ඇතුළු වැදගත් ලිපිලේඛන සියල්ල ආරක්ෂා ඇතිව තබා ගන්නා ලෙසට මෙම සමාගමේ සභාපතිවරයා වෙත නියෝගයක් නිකුත් කැර මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය මෙම ලිපි ලේඛනවල වැදගත් ලිපිවල පිටපත් මෙම සමාගමෙන් ලබා ගන්නා ලෙසටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට නියෝග කෙළේය.

මෙම ලේඛන සියල්ල තබා ගැනිම ප්‍රායෝගික ලෙස නොවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්තුමිය අපරාධ දෙපාර්තමෙන්තුව ඉල්ලන සියලු ලේඛනවල පිටපත් ඔවුන්ට ලබා දෙන ලෙසට ද සභාපතිවරයාට නියෝග කෙළේය. මෙම සිද්ධිය සම්බන්ධව දැනට ගාලු වරායේ නවතා ඇති නැව මුදා හරින ලෙසට නැව අයිති සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥ මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම නැව වසර 40 ක් පරණ නැවක් බවද මේ වන විට නැව අබලන් වෙමින් පවතින බව ද මාර්තු මාසයේ සිට නැවෙහි රක්ෂණ බාරය අවසන් වි ඇති බවද පෙන්වා දුන්නේය .

දැනට මෝසම් වාරය එළඹි ඇති නිසා මුහුද රළු වි ඇති බවත් මෙම නැවෙහි තෙල් ඇති නිසා කිසියම් අයුරකින් නැව අනතුරකට පත්වුව හොත් මුහුද ආශ්‍රිතව විශාල පාරිසරික හානි ඇති විය හැකි බවත් එසේ වුහොත් මෙම වරායට බරපතල අභියෝගිකාරි තත්ත්වයන් ඇති විය හැකි බවද එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මේ සම්බන්ධයෙන් කිසිදු වගකිමක් අප සමාගම භාර නොගන්නා බව ද පෙන්වා දුන්නේය. මේ තත්ත්වය පිළිබදව ජ්‍යාතන්තර නැව් සංගමය මඟින් ගාලු වරාය පිළිබදව අනතුරු හැගවිමක් කිසිදු කළ හොත් මෙම නාවික වරායට කිසිදු නැවක් නොඒමට පිළිවන් බව ද මෙම නඩුවට මේ නැව සම්බන්ධයෙන් මෙතෙක් චෝදනාවක් එල්ල වි නැති බැවින් මෙම නැව වෙනුවට වෙනත් නැවක් ලබා දිය හැකි බැවින් මෙකි නැව මෙතනින් ඉවත් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙසට ද ඒ සදහා ගරු අධිකරණයට අපරාධ නඩු විධිවිධාන පනතේ 7වන වගන්තිය හා අධිකරණ සංවර්ධන පණතේ 54 වගන්තිය යටතේ බලය ඇති බවද පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්තුමිය කරුණු දක්වමින් මේ නඩුව සම්බන්ධයෙන් මෙතෙක් චෝදනා ඉදිරිපත් කැර නොමැති බැවින් ද පොදු දේපොළ පණත යටතේ චෝදනා ඉදිරිපත් කරත් මෙ නැව ඒ සම්බන්ධයෙන් වැදගත් වන්නේ කෙසේ ද චෝදනා ගොනු කරන්නේ මොන වගන්තිය යටතේ ද යන්න තවමත් පැහැදිලි කැර නැති බැවින් ද එසේ වුවත් මෙම නැව ඒ සදහා සාක්ෂියක් වන්නේයැයි සැක සහිත පැවසුවාය.

මේ නිසා මෙම නැව සම්බන්ධයෙන් තව දුරටත් නිතිපතිවරයාගේ අවධානය යොමු කොට බැදුම්කරයක් මත හෝ මෙම නැව නිදහස් කැර ලිමට උපදෙස් ලබා ගන්නා ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට නියම කළ මහේස්ත්‍රාත්තුමිය ඉදිරි නඩු දිනයේ දි නිතිපතිවරයාගේ උපදෙස් මත මෙම කරුණු සම්බන්ධයෙන් කරුණු දැක්විමට රජයේ නිතිඥ වරයකු සමඟ ඉදිරි නඩු දිනයේ දි මෙහි පෙනි සිටින්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ පොලිස් පරික්ෂකවරයාට දැන්වු මහේස්ත්‍රාත්තුමිය මෙම කරුණු දැක්විම ජුලි මස 17 වැනි දින දක්වා කල් තැබිණ.


නව අදහස දක්වන්න

Or log in with...