ඩුබායි සිට පැමිණි කතකගේ යට ඇඳුමේ කෝටි 5ක රත්රන් | දිනමිණ

ඩුබායි සිට පැමිණි කතකගේ යට ඇඳුමේ කෝටි 5ක රත්රන්

විජයානි එදිරිසිංහ
ජීවනී පතිරණ
නිමල් රාජපක්ෂ

ඩුබායි සිට ඊයේ (10) අලුයම මෙරටට පැමිණි කාන්තාවකගේ යට ඇඳුම් තුළ සඟවා තිබූ රුපියල් කෝටි 05ක රන් බිස්කට් සියයක් ඊයේ රේගුව මඟින් සොයාගෙන ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ අලුයම 1.10ට පමණ මෙම කාන්තාව ඩුබායි සිට FZ 557 දරන යානයෙන් පැමිණ ගුවන් තොටුපළෙන් පිටව යාමට පැමිණි අවස්ථාවේ ඇය සඟවාගෙන තිබූ රන්බිස්කට් සොයා ගැනීමට හැකි වී තිබුණි. අවු. 31 පමණ වයසැති මෙම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය වෘත්තියෙන් ගණකාධිකාරීවරියකි. ‍රේගු නිලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඇය මෙම ජාවාරම මීට පෙර ද මෙසේ සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම කාන්තාව එම රත්තරන් බිස්කට් පී.වී.සී. පයිප්ප ටේප්වල ඔතා යට ඇඳුමේ සඟවාගෙන ගමන් කරද්දී ඇය ගැන සැක සිතූ රේගු නිලධාරීන් ඇය පරීක්ෂා කිරීමේදී මෙසේ රේගුවට හසු වී ඇත.

රේගුව තවදුරටත් මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරන අතර සහකාර රේගු අධ්‍යක්ෂ නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරිවරුන් වන නශාන්ත ගුරුගේ, එම්.අයි. උදය ගාමිණී සහ නුවන් අබේනායක යන අය පරීක්ෂණ සිදු කරති.

 


නව අදහස දක්වන්න

Or log in with...