දිවි නැඟුම හිටපු අධ්‍යක්ෂගේ ප්‍රතිශෝධන අයැදුමට විරෝධතා 15දාට | දිනමිණ

දිවි නැඟුම හිටපු අධ්‍යක්ෂගේ ප්‍රතිශෝධන අයැදුමට විරෝධතා 15දාට

කුමුදු හෙට්ටිආරච්චි

දිවි නැඟුම දෙපාර්ත‍මේන්තුවේ මුදල් හා පාරිතෝෂිත දීමනා අයථා ලෙස පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා අතිරේක අධ්‍යක්ෂවරයා විසින් තමනට ඇප නියම කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත් 07 සම්බන්ධයෙන් විරෝධතා ලබන 15 වැනිදාට ගොනු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය නීතිපතිවරයාට ඊයේ (11) නියෝග ක‍ළාය.

මෙම ප්‍රතිශෝධන අයදුම්පත් ඊයේ (11) සලකා බැලීමෙන් පසු විනිසුරුවරිය එසේ නියෝග කර සිටියාය. නීතිපතිවරයා හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වගඋත්තරකරුවන් කරමින් සිය නීතිඥවරුන් මගින් පෙත්සම්කරුවන් මෙම ප්‍රතිශෝධන ඇප අයදුම්පත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. කේ. ඒ. රණවක හා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය විසින් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කළ නියෝගය ප්‍රතිශෝධනය කර තමනට ඇප ලබාදෙන ලෙසට නියම කරන්නැයි ඉල්ලා මෙම ප්‍රතිශෝධන අයදුම්පත් ගොනු කර තිබුණි.


නව අදහස දක්වන්න