කසළ තේ කිලෝ 33000 ක් අලව්වේ දී අල්ලයි | දිනමිණ

කසළ තේ කිලෝ 33000 ක් අලව්වේ දී අල්ලයි

පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් 33000 ක් අලව්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙට්ටි 3300ක අසුරන ලද මෙම කසල තේ තොගය අලව්වේ මිරිහෙලියේ රජත භවන නමැති සංචාරක හෝටලයේ ගබඩාවක සඟවා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන ඇත. අසුරන ලද පෙට්ටිවල 'සත්රාත් අල් මුෂාපා-සියයට සියයක් පිරිසිදු තේ ලංකාවේ අසුරන ලදී' යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියා ඇත.

මෙම තේ තොගය ලංකා තේ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ප්‍රවාහනය කර ඇති බව ද පොලීසිය කියයි. මේ සමඟ සැකකරුවන් 8 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් ධම්මිකා ඉලංගකෝන් මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදුව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. කුරුණෑගල ජේෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද සේනාරත්න, සහකාර පොලිස් අධිකාරී ජයතිලක මහත්වරුන්ගේ උපදෙස් මත අලව්ව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතා ඇතුළු නිළධාරීන් විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වති.


නව අදහස දක්වන්න