පෙම්වතියව බලහත්කාරයෙන් දුෂණය කළ පෙම්වතෙකු අත්අඩංගුවට | දිනමිණ

පෙම්වතියව බලහත්කාරයෙන් දුෂණය කළ පෙම්වතෙකු අත්අඩංගුවට

 
තම පෙම්වතියව බලහත්කාරයෙන් දුෂණය කළ බව කියන පෙම්වතෙකු සහ එම සිද්ධිය බලා සිට පසුව ඇයව නැවත වතාවක් දුෂණය කළ බව කියන තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.
 
අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම - කල්අඩිය, ප්‍රදේශයේ තරුණියකි. 17 හැවිරිදි ඇය පුත්තලම පරිගණක පුහුණු ආයතනයක් වෙත පැමිණ ආපසු යමින් සිටින විට මුලින්ම ඇයගේ පෙම්වතාට අතර මගදී හමුවී ඇත. පෙම්වතා ඇයව යතුරු පැදියක නංවාගෙන ගොස් පාළු ඉඩමකදී දුෂණය කර ඇත.
 
මෙම සිද්ධිය තවත් තරුණයින් දෙදෙනකු සැඟවී බලා සිට ඇත. ඔවුන් එම සිද්ධිය ජංගම දුරකථනයක් ආධාරයෙන් වීඩියෝ ගත කර ඇත. පසුව එම තරුණයින් දෙදෙනා පෙම්වතා සහ තරුණියට ඔවුන් විසින් රූගත කළ වීඩියෝ දර්ශන පෙන්වා මෙම දර්ශන අන්තර් ජාලයට මුදා හරින බව පවසා ඇත. ඒ අතර තුර පෙම්වතා පලා ගොස් ඇත. එම අවසරයෙන් තරුණියව බලහත්කාරයෙන් දුෂණය කර ඇති බව පොලීසිය කියයි.
 
දුෂණයට ලක්වූ තරුණිය අසාධ්‍ය තත්ත්වපයන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි. 
 

අදහස් 1ක් ඇත

පේනව නේද තරුණ ළමයි හිතන්න ඕන අද පරිසරය, තාක්ෂණය බොහෝම ඉස්සරහින් තියෙන්නෙ. හැඟීම් වලට වහල් වෙලා කරන මේ සුළු දේවල් අන්තිමට ජීවිතයත් එක්කමයි කෙළවර වෙන්නෙ. ඒ හින්ද තේරුම් ගන්න ඇත්තටම ආදරේ නම් ඇයට කිසිදාක කරදරයක් වෙන යෝජනාවක් ඔහුගෙන් නොකෙරෙන බව.

නව අදහස දක්වන්න