දහසක් මිනිසුන් අතරේ ජීවිතය සෙවූ ඈ | දිනමිණ

දහසක් මිනිසුන් අතරේ ජීවිතය සෙවූ ඈ

මාලිනි යාපා

ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලක ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කූටියට පිය මං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලක ලඳුනේ
බුදුන් දැක නිවන් දැක
දෙවිරට යන පාර අහන
ඔබ ද පටාචාරාවකි ඔබ ද
කිසාගොතමියෙකි..........

අමරසිරි පීරිස්ගේ ලයාන්විත හඩ තූළින් ගැයෙන මේ ගීතය සවන්පත්වල වැකී ගිය කල නිතැතින්ම අප සිහියට නැගෙනුයේ ගණිකාව නමින් සමාජය තුළින් පැලැස්තර ගැසූ තවත් කාන්තාවක් දෙසයට. ළැම පෙදෙස ලොවට පෙන්වා දහසක් වේදනා සිත තුළ රුවා ගනිමින් පුර්ෂයකූ සමඟ ඇය යහනට වදින්නේ ආදරයෙන් තොර රාගයේ පහස විඳීමයට. ගණිකාවකගේ අභන්තරයට කිඳා බසිමින් සැබෑ යථාර්ථය විමර්ෂණය කිරීමට උත්සුක වන්නේ අතළොස්සක් පමණි. එතරම්ම සංස්කෘතිය පිළිබඳව මහලොකුවට උජාරු අනමින් හිස උදුම්මා ගෙන සිටින අප වැනි රටක පිරිස්ට ගණිකාවන් වහකදූරු මෙනි . පවු සිතූවිලි දාමයක සිර වී සිටින ශ්‍රී ලංකිකයන්ට ඉන් එහා සැඟවී තිබෙන යථාර්ථය අවබෝධ නොකර ගැනීමට තරම් මොවුන් මන්ද බුද්ධික පිරිසක් දැයි විටෙක සිතීම සාධාරණය .ගණිකාවක් ද ලේ ඇට මස් නහරවලින් සැකසුණු අප වැනි ගැහැනියක යැයි අවබෝධ කර ගැනීමට වෙර දරන පිරිස්ද සිටිම අගය කළ යුත්තකි. ලෝකයේ ඓතිහාසික වෘත්තියක් අකාරයට මේ වෘත්තිය හඳුන්වා දිය හැකිය.

ලිංගික සාදාචාරධර්ම නොතිබුණු මුල්කාලින සමාජයේ ලිංගිකත්වය පිළිබඳව පැවැති අරාජිකත්වය මත ලිංගික නිදහස පැවතුණි. සමූහ වශයෙන් ජීවත් වූ එම සමාජයේ ගැහැනිය පිළිබඳ පූර්ණ අයිතිය පුර්ෂයා සතු බවත් තමන්ගේ සතුට වෙනුවෙන් ස්ත්‍රියගේ ලිංගික අවයවයන්ට ඔහුට රුචි දෙයක් කළ හැකි බවත් ඔවුන්ගේ දැඩි මතය විය. එපමණක් නොව ඔවුන් එක ගැහැනියකගෙන් පමණක් අවශ්‍යතා සපුරා ගෙන නිහඬ නොවීය. ඉන්දියා සමාජයේ එවැනි කාන්තාවන් දේව ඇඹැනියන් ලෙස හැඳින්වූ අතර ඔවුන් දාසියන් බවට පත් වූයේ දේවාල බාර කපු මහතාටය. ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවන් දේව ඇඹැනියන් මාර්ගයෙන් සපුරා ගන්නා ලදි. නමුත් මේ කාර්යයේ යෙදෙන දේව දාසින්ට කිසියම් ශ්‍රද්ධාවක් ලැබිණි. ඒ අනුව ඔවුන් පාරිශුද්ධ ගණිකාවන් ලෙස හඳින්විණි.

ඉන්දියාව,බටහිර අප්‍රිකාව මෙන්ම මධ්‍යධරණී රටවල්වලින්ද මෙවැනි පාරිශුද්ධ ගණිකාවන් පිළිබඳව තොරතුරු හමුවේ. මේ වර්ගයේ ගණිකාවන් ගැන මුලින්ම සඳහන් වන්නේ බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙන් ය. ඒ චිනස් දෙවඟන වෙනුවෙන් සේවය කිරීම පිණිස ‘ගිල්ගෙමිෂ් නුෂ්වා‘ නම් දෙවඟන ගණිකාවන්ට අධිපතිත්වය උසුලන බැවින් ඇය වෙනුවෙන් කැප වී මුලු ජීවිතයම ගණිකාවන් ලෙස ගෙවූ කතුන් ද වූහ. ග්‍රීසියේ ද ගණිකා ව්‍යාපාරය ආරම්භ වූයේ කි.පූ 06 වන සියවසටත් පෙර සිටය. එහි ලිංගික තෘප්තිය විවාහයෙන් පරිබාහිර දෙයක් ලෙස සැලකීම ගණිකා වෘත්තිය ව්‍යාප්ත වීමට හේතු විය. රෝමයේ ද ගණිකා වෘත්තිය එදා සිටම පැවත ඇත.

එහෙත් ලංකාවේ ප්‍රබල ආගමික සමාජයීය පසුබිමක් මත හෝ රාජ්‍ය අනුග්‍රහය මත හෝ ගණිකා වෘත්තිය පැවැති බව ඉතිහාසය දෙස බැලූ විට හෙළි නෙවෙන අතර එය සැඟවුණු වෘත්නියක් ලෙස පැවතුණි. ඒ බවට සාක්කියක් ලෙස රොබට් නොක්ස් ගේ ‘එදා හෙළදිව‘ කෘතියේ අන්තර්ගත කතා පුවතින් හෙළි වේ. එසේම 05 වන කාශ්‍යප රෙජ දවස ගණිකාවන් සිට ඇති බව සිගිරි ගීවලින් හෙළි වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කර ඇත. ගණිකා වෘත්තියේ ප්‍රභවය ඈත අතීතයේ සිටම පැවත එන්නක් බවත් ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති බවත් මේ විග්‍රහයෙන් පැහැදිලි වේ.

ගණිකා වෘත්තිය පිළිබඳව කතා කිරීමේ දී සෘජු අවධානයක් කාන්තාවන් කෙරෙහි යොමු වුව ද පුර්ෂයන් ද ගණිකා වෘත්තියේ නියැලේ. ඒ අනුව ස්ත්‍රී ගණිකාවන්,පුරුෂ ගණිකාවන්, නපුංසක ගණිකාවන් ලෙස වර්ගීකරණය කළ හැකිය.

දිළිඳුකම,නූගත්කම,ප්‍රේම සබඳතාවලින් අනාථ වූ කතුන්, ලිංගික අශාව අධික වීම,විරැකියාව, තරගකාරි ආර්ථික රටාව ගණිකා වෘත්තිය රටක පැවැතීීමට මූලික හේතූ ලෙස විග්‍රහ කළ හැකිය.

බොහෝ රටවල ගණිකා වෘත්තිය සමාජ ප්‍රශ්නයක් ලෙස සලකමින් නීතිගත කර ඇති අතර තවත් රටවල ලිංගික ශ්‍රමිකයන් ලෙස එම වෘත්තිය නීති ගත කර තිබේ. නෙදර්ලන්තය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල ගණිකා වෘත්තිය නීති ගත කර තිබේ. සවුදි අරාබියාව, ලංකාව,ඉන්දියාට වැනි රටවල නීතියෙන් තහනම් කොට ඇති අතර මෙය කොතරම් දුරට සාධාරණ ද යන්න විමසිය යුතු ය.

ලංකාව වැනි රටවල ලිංගිකත්වය පිළිබඳව සෘජුව කතා කිරීමට මැලිකමක් දක්වති. නමුත් අනෙක් රටවල් හා සංසන්දනය කිරීමේදී ඉතා සීග්‍රයෙන් මොවුන් කරා ඇදී යන්නේ ලංකිකයන් ය. උගූරට හොරා බෙහෙත් බොන්නට උත්සුක වන්නේ අපය. ගණිකාවන් රටකට සිටීම අත්‍යවශ්‍යය. මන්ද ඉල්ලුමට සැපයුම අවශ්‍ය වන හෙයිනි .මිනිසකුගේ පැවැත්මට ලිංගිකත්වය අත්‍යවශ්‍ය ය. විශේෂයෙන් විවාහ ජීවිතයක රඳා පැවැත්මට මෙය ප්‍රබල ලෙස බලපානු ලැබේ. ඒ කෙසේ වෙතත් තම ශරීරය විකූණා එදිනෙදා ජීවිතය ගෙවන කාන්තාවන් ගණිකාවන් ලෙස හංවඩු ගැසීම කොතරම් දුරට සාධාරණ ද.

මෙවැනි කතුන් කෙරෙහි සමාජය සැම විටම හෙළනුයේ පහත් නීච බැල්මකි.නමුදූ එසේ කිරීමට පෙර ඇය ඒ තත්ත්වයට පත් වූයේ මන්දැයි සිතා බැලීම වටිනේය. ඇයද අප මෙන් ප්‍රාණයක් ඇති ජීවි සත්වයකු බවට අප මතක තබා ගත යුත්තකි. එක් පුර්ෂයකු සමඟ යහන් ගත වී තවත් පුර්ෂයෙක් සමඟ ඇය යහනට පිවිසෙන්නේ කිසිම අකාරයකින් සන්තෘෂ්ටියකින් නොවේ. ඇතැම් කතුන් මේ තත්ත්වයට ඇද දමා ඇත්තේ තම පුර්ෂයා විසින්ම ය. ඇයට ඇඟිල්ල දිගුකොට චෝදනා එල්ල කිරීමට පෙර ඇය පිටු පස සැඟ වී ඇති මනුෂත්ව ගුණය වටහා ගැනීම ඔබ සතු කාරණාවකි. 


අදහස් 5ක් ඇත

Malini Yapa are you a married woman or not? What do you think ,If your husband has a secret affair with a prostitute? Are you going to allow him to sleep with a prostitute? What will happen to your marriage life? Are you going to divorce your husband ?

මම විවාහක නෑ.මට ඕනි උනේ එයත් මේ ලෝකේ සාමාන්ය් ගැහැනියක් කියන එක දන්වන්න.මම ඒ චරිතය සාදරනියකරණය කරන් නෑ.නමුත් රටකට ගණිකාවන් අවශ්යයයයි .ස්වාමි පුර්ශයා පිට යනවනම් එකෙන් අදහස් වෙන්නේ ගැහැනියගෙන් එයට අවශ්යන දේවල් ලැබෙන්නේ නෑ කියන එක.ඇයි අපිට බැරී වෙනත් ගැහැනියක් දිහා බලන විදියට එය දිහත් බලන්න.

mama marry karala na .mama postitute kiyana charithya sadaraniyakaranaya karan na.magae husband prostitute kenek lagata yanawanam ethana thiyenne wifege weradda.mata oni une eyath me loke api wagema samanaya manussyayek kiyana eka.ekath ekthra rakiyawak kiyana eka. ai apita prosititute kiyana kena dihath wenath gahaniyek diha balana widiyata balann beri.

පිටු

නව අදහස දක්වන්න