නව මැතිවරණ ක්‍රමයට දින දෙකක විවාදයක් | දිනමිණ


 

නව මැතිවරණ ක්‍රමයට දින දෙකක විවාදයක්

ශිරෝමි අබයසිංහ

 නව මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ දින දෙකක විවාදයක් පැවැත්වීමට ඊයේ (22) රැස් වු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරිණි.

මෙම කල් තැබිමේ යෝජනාව ආණ්‍ඩු පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අතර අද(23) පස්වරුවේ සහ හෙට (24) උදේ සිට දවස පුරාත් විවාදය පැවැත්වේ.

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විම පැවැත්විණි.

මේ විවාදයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල මන්ත්‍රිවරුන්ට අදහස් පළ කිරිමේ අවස්ථාව ලබා දිමටද පක්ෂ නායක රැස්වීමේදී තිරණය විය.

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සුළු පක්ෂවල යම් විරෝධතා ඉදිරිපත් වී ‍තිබේ.

ශ්‍රි ලංකා ඩයස්පෝරා සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා පාර්ලිමේන්තුවේදි පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය විසින් සභාව කල් තැබිමේ යෝජනාවක් මෙම (25) දා ඉදිරිපත් කිරීමට නියමිතය. 

නව අදහස දක්වන්න