විශේෂ විවාදයට අපි විරුද්ධයි - විපක්ෂ නායක නිමල් සිරිපාල | දිනමිණ


 

විශේෂ විවාදයට අපි විරුද්ධයි - විපක්ෂ නායක නිමල් සිරිපාල

නුවන් කොඩිකාර

 වත්මන් මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන විශේෂ විවාදයක් ආණ්ඩු පක්ෂයෙන් අද (23) ඉල්ලා තිබුණ ද ඊට සිය පක්ෂය විරුද්ධ බවත් එම විරෝධතාව කතානායකවරයාට ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

මෙම විවාදය ඉල්ලා තිබෙන්නේ 20ට කකුලෙන් අදින පිරිස බව පැවැසු හෙතෙම ඊට රනිලුත්, ජවිපේත් අකමැති බව රටේ ජනතාවට විවාදයේ දී පෙන්වන බව හෙතෙම කීවේය.

සුළු පක්ෂ මේ ගැන පාර්ලිමේන්තුවේ හෙට විවාදයක් ඉල්ලලා තියෙනවා. නමුත් අපි ඒකට විරුද්ධයි. මේක ගෙනාවේ තුන් සැරයක් කල් දාලා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම රවුෆ් හකීම් මේකට එකඟ වුණා. දැන් සුළු පක්ෂවලට අවාසියි කියනවා.

එහෙම නම් හකීම් මහත්තයා කැබිනට් එකෙන් ඉල්ලා අස්විය යුතු යැයි විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේ දී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා 20ට විරුද්ධ බව ජවිපේ නායකයා පවසා සිටීමෙන් ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය මනාව පැහැදිළි වන බවත් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන යටිකූට්ටු වැඩවලට සිය පක්ෂය හසු නොවන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

නව අදහස දක්වන්න