මෙහෙකාරියට පහර දුන් විනිසුරුවරයාගේ පෙර වැරැදි රැසක් | දිනමිණ

මෙහෙකාරියට පහර දුන් විනිසුරුවරයාගේ පෙර වැරැදි රැසක්

විජයානි එදිරිසිංහ

 තම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අමානුෂික ලෙස පහරකෑමට ලක්වූ මෙහෙකාර කාන්තාවකට පහර දුන් ඉහළ අධිකරණ විනිසුරුවරයා මීට පෙර අවස්ථා ගණනාවකදීම එවැනිම පහරදීම් සිදුකර ඇති බවට පැමිණිලි ලැබී තිබූ බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ලබාදුන් එම තොරතුරුවලට අනුව 2012 වසරේදී එම විනිසුරුවරයා පොලිස් කොස්තාපල්වරයකුට පහර දී තිබේ. එම පහරදීමට අදාළ පැමිණිල්ල  අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු එය දෙපාර්ශ්වය සමාදානවී සමථයකට පත්ව තිබේ.

අනතුරුව 2014 වසරේදී පෞද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක නිලධාරියකුට පහර දී තිබේ. එම සිද්ධියද සමාදානවී සමථයකට පත්ව තිබේ.

2015 වසරේ මාර්තු මාසයේ දී ද මේ විනිසුරුවරයා එම නිවසේ සේවය කළ තවත් මෙහෙකාර කාන්තාවකට පහර දී ඇත. ඇයද එම පහරදීම සම්බන්ධව පොලිසියට පැමිණිලි කර ඇති අතර පසුව එම පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පෙරේදා සිදුකර ඇති එම පහරදීමට අදාළ සිද්ධියට සම්බන්ධ මෙහෙකාර කාන්තාව තවදුරටත් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

එම පහරදීම සම්බන්ධයෙන් අදාළ විනිසුරුවරයාගෙන් කටඋත්තරයක් අද හෙටම ලබාගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. එම නිවසේ සිටින තවත් මෙහෙකාර කාන්තාවකගෙන් ද සිද්ධිය සම්බන්ධව ඊයේ කටඋත්තර ලබාගෙන ඇත. සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදුකරයි.

අදහස් 4ක් ඇත

NEETHIYA WAL WEDILA

මෙවන් නරුම නඩු කාරයන් දෙන තීන්දු තීරණ ගැන කුමන කතාද ? මැද පෙරදිග රටකනම් මෙලහකටත් මේ උන්නාන්සේගේ දැතට විලන්ගු වැටී අවසන්. යමලෝකයේ නඩු අහන්ඩ තමා හොද. නම ගම ප්‍රසිද්ධ කරල ඇතුලට දැම්මනම් වැඩ්ඩේ එළම තමා.
Dharmasena Navaratne's picture

Gewalwala gehenu udawiya mehekariyanwasayen thiyageneema athisayin bayanakai.Me gollo meeta wada darunu chodana idiripathkaranna puluwan.

නව අදහස දක්වන්න