භාරගත් රටට වඩා හොඳ රටක් පස් අවුරුද්ද අවසානයේ භාර දෙනවා | දිනමිණ

භාරගත් රටට වඩා හොඳ රටක් පස් අවුරුද්ද අවසානයේ භාර දෙනවා

නිරූෂි විමලවීර

 දේශපාලන විප්ලවයක් කැර ජනවාරි අටවැනිදා භාරගත් රටට වඩා හොඳ රටක් පස් අවුරුද්ද අවසානයේ ආපසු භාර දෙන බව තමා නිර්භයව පවසන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අගමැතිවරයා එසේ සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේ ඊයේ (5) සවස පැවැති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජන්මදින සැමරුම් උළෙලට එක් වෙමිනි.

මූලික ප්‍රතිපත්ති එකඟතා මත තමා ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් හදන බව කී අගමැතිවරයා මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් ලෙස කටයුතු කරණු ඇතැයි තමා අපේක්ෂා කරන බව අනාවරණය කළේය.

ජනතා ප්‍රශ්න විසඳාළීමට සියලු දෙනා එකට එක්වීම අවශ්‍ය යැයිද වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනවාරි අටවැනිදා ජනාධිපතිවරයා සමඟ ඇති කැර ගත් පාලනය පිළිගන්නවාද එසේ නැත්නම් එය ආපසු හරවනවාදැයි තමා ප්‍රශ්න කරන බව ද අගමැතිවරයා කීවේය.


නව අදහස දක්වන්න