රණවිරු රියල් ස්ටාර් 05 අදියර අගෝස්තු 14 වන දින සිට . . . . | දිනමිණ

රණවිරු රියල් ස්ටාර් 05 අදියර අගෝස්තු 14 වන දින සිට . . . .

සුදත් නිශාන්ත

රණවිරු රියල් ස්ටාර් 05 අදියර සමාරම්භක උත්සවය ආරක්ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා, ඩයලොග් ආසියටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සහ ආරක්ෂක අංශයන්හි සාමාජිකයින් ඊට සහභාගි විය.

මෙම 05වන අදියර සඳහා 36 දෙනෙකු තොරගත් අතර,  ඒ සඳහා නාවික හමුදාවෙන් රණවිරුවන් 09 දෙනෙකුද, යුද හමුදාවේ රණවිරුවන් 22 ක්ද, ගුවන් හමුදාවේ 05 ඇතුලත් වේ.

රණවිරු රියල් ස්ටාර් 05 අදියර 2015 අගෝස්තු 14 වන දින සිට ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමේ අවස්ථාව උදා වේ.

අභීත රණවිරුවන්ගේ සුභසාධනය උදෙසා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙහෙයවන රණවිරු රියල් ස්ටාර් 05 වන අදියර  ක්‍රියාත්මක කරන ලදී.


නව අදහස දක්වන්න