කේ.පී. ගැන කොමිසමේ නිර්දේශ ලැබී නෑ | දිනමිණ

කේ.පී. ගැන කොමිසමේ නිර්දේශ ලැබී නෑ

අසේල කුරුළුවංශ

 කේ.පී. සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනපති කොමිසමක් පත්කැර ඇත.

එම නිර්දේශ මෙතෙක් නීතිපතිවරයා වෙත ලැබී නැති බව අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පැවසීය.

පසුගිය ජනපතිවරණයේදී කේ.පී. සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කතා කළත් ඉන් පසු ඒ පිළිබඳ ක්‍රියා නොකළේ මන්දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේනසිංහ මහතා ඒ බව කීය.

කේ.පී. මේ වන විට මෙරට සිටීද නැතහොත් විදේශ ගතවී ඇත්ද යන්න පිළිබඳ තහවුරු කැර ගැනීමට සේනසිංහ මහතා ගත් උත්සාහය අසාර්ථකවී තිබේ.


නව අදහස දක්වන්න