ප්‍රජා විශෝධනයේ නිරතවුවනට ඇස් කණ්ණාඩි ලබදීමේ වැඩසටහනක් | දිනමිණ

ප්‍රජා විශෝධනයේ නිරතවුවනට ඇස් කණ්ණාඩි ලබදීමේ වැඩසටහනක්

 දිවයින පුරා පිහිටුවා ඇති අධිකරණ 124ක් මඟින් වසරකට ප්‍රජා විශෝධනයට යොමුකරන පිරිස 18000ක්, 20000ක් පමණ වන්නේ යැයි අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රජා විශෝධන කොමසාරිස් ඩී.එල්. සන්නසූරිය මහත්මිය පැවසුවාය.

කොමසාරිස්වරිය එසේ ප්‍රකාශකළේ ගම්පහ අධිකරණ සංකීර්ණයේ පිහිටි ප්‍රජා විශෝධන කාර්යාලය මඟින් ප්‍රජා විශෝධනයට යොමුකරන ලද ආඥාලාභීන් පිරිසකට ඔවුන්ගේ අක්ෂි පරික්ෂාකර ඇස්කණ්ණාඩි ප්‍රදානය කිරීමේ ප්‍රජා සත්කාර වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවෙමිනි.

මෙම ප්‍රජා සත්කාර වැඩසටහන ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගම්පහ අධිකරණයේ ප්‍රජා විශෝධන ඒකකයේ ස්ථානාධිපති හා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ගම්පහ දෘෂ්ඨි පරික්ෂණ ආයතනයක් වූ විෂන් සෙන්ටර් ආයතනයේ අධ්‍යක්ෂ නරේන් ප්‍රදාන් මහතාගේ දායකත්වයෙන් අගෝස්තු මස 05 දින ගම්පහ නගර සභා ක්‍රීඩාගාරයේ දී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා විශෝධන කොමසාරිස් සන්නසූරිය මහත්මිය මෙසේද පැවසුවාය.

අද සමාජයේ 80%ක් පමණ අධිකරණයට යොමුවන්නේ අනවසර මත්පැන් වැරැදිවලට යොමුවූ අයයි. මේ අතර අධිකරණයට‍ යොමුවන මත්පැන් චුදිතයන් අතර ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඉදිරිපත්වන පුද්ගලයන්ද සිටිනවා. මෙවැනි චෝදනාවලට ලක්වූවන් තම දුවා දරුවන්ටද කරන්නේ මහත් හානියකි. තාත්තලා අම්මලා කරන වැරදි නිසා දරුවොත් පීඩාවිඳිනවා. ඇතැම් දරුවන් කරන වැරදි නිසා මවුපියෝද පීඩා විඳිනවා. අපවෙත යොමුකරන ප්‍රජා විශෝධනයන් වරදකරුවන්සේ නොසිතා අපි ඔවුන් පුනරුත්ථාපනය කරනවා. එවැනි ආඥාලාභීන්ට අපි ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන වෘත්තිය පුහුණු ලබාදෙනවා. එසේ ඒ හැම කෙනෙකුටම ආගමික පසුබිමක හැසිරවීමට කටයුතු යොදනවා.

ගම්පහ සිරි සුනන්දාරාම ධර්මදූත විහාරයේ විහාරාධිපති තුම්මෝදර සමිතසෝම හිමියෝද අදහස් දැක්වූහ.


නව අදහස දක්වන්න

Or log in with...