43ට චිකන් ව්‍යංජන වට්ටෝරු 43ක් | දිනමිණ

43ට චිකන් ව්‍යංජන වට්ටෝරු 43ක්

 2015 ජුලි මස 24, 25, 26 තෙදින තුළ Culinary Art Exhibition කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. මේ සඳහා සහභාගී වූ ආයතන අතරින් ක්‍රිස්බ්‍රෝ චිකන් වෙළෙඳ කුටිය කැපි පෙනිණ. සුපිරි ගණයේ කුස්සියක් ලෙස නිර්මාණය කර තිබූ එම වෙළෙඳ කුටියේ මූලික තේමාව වූයේ 43 Recipes with ක්‍රිස්බ්‍රෝ චිකන් යන්නයි. මදක් සොයා බැලීමේදී පැහැදිලි වූයේ ක්‍රිස්බ්‍රෝ චිකන් නිෂ්පාදනය කරන Farms Pride සමාගමට වසර 43ක් පිරීම සමරනු වස් ඔවුන් විසින් අපූරු ක්‍රිස්බ්‍රෝ චිකන් ව්‍යංජන 43ක් පහසුවෙන් සාදාගත හැකි කුකරි පොතක් මෙහිදී එළි දක්වා තිබුණු බවයි.

තෙදින පුරාම සුපිරි සූපවේදියකු විසින් එම ක්‍රිස්බ්‍රෝ චිකන් ව්‍යංජන වට්ටෝරු 43ම එහිදී සජීවීව සාදන ලද අතර ඔවුන් සමඟ ලකාවේ සුප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියන්, සිනමා නළුවන්, රූප රාජිනියන්. ගායක ගායිකාවන් ද සහභාගී වුණු අතර ඔවුන් ජනතාව සමග ක්‍රිස්බ්‍රෝ චිකන් රස බලමින් සතුටු වූ අන්දම දැකගත හැකි විය. විටෙක අපි නොදන්නා Live හා සුපර් සික්ස් චිත්‍රප‍ටයේ සුනෙත් චිත්‍රානන්ද සමඟ ජනතාව කථා බස් කරමින් ඡායාරූප ගනිමින් විනෝද වූ අතර තවත් විටෙක නව පරපුරේ ගායක සෙනෙත් දයානන්ද සමඟ ගීත ගයමින් විනෝද වූ අයුරුද දැකගත හැකිය.

1972 වැනි ඉතිහාසයක සිට පැවත එන Farms Pride සමාගම කඳුරට ගුණය රට සැමට යන තේමාවෙන් ජනතාව අතට පත්වන ක්‍රිස්බ්‍රෝ චිකන් පිරිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවලිය ගුණාත්මක බව නිසාම ISO 9001/ ISO 22000 හිමිකරගෙන ඇති අතර ISO 14001 පරිසර තත්ත්ව සහතිකය හිමි එකම කුකුල් මසු නිෂ්පාදන සමාගම ‍වීම ද සුවිශේෂයි. දේශීය ව්‍යාපාරයක් වශයෙන් දශක 4ක් මුළුල්ලේ දේශීය කෘෂි ආර්ථිකයට පණ දෙමින් දහස් ගණනකගේ ජීවිත සරිකරලන්නේ මව්බිමට ආඩම්බරයක් ගෙන දෙමිනි.


නව අදහස දක්වන්න

Or log in with...