ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට නවක මුහුණු 2ක් | දිනමිණ


 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට නවක මුහුණු 2ක්

ෆවුස් මොහොමඩ්

 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා ක්‍රීඩිකාවන් 20 දෙනකුගෙන් යුතු මූලික සංචිතය නම් කොට තිබේ. ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුතු මේ සංචිතයට නවක පිතිකාරිනියන් වන රෝෂිනි පෙරේරා සහ කුෂාන්ති ලියනගේ කැඳවා තිබේ.

යුද හමුදා ක්‍රිකට් පිල නියෝජනය කරන රෝෂිනී සහ කුෂාන්ති පසුගියදා නිමාවට පත්වු අන්තර් පළාත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ සහ අන්තර් සමාජ එක්දින තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්විම මත සංචිතයට තෝරා ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන ආරම්භක පිතිකාරිනි යසෝධා මෙන්ඩිස්ට මෙන්ම සඳුනි අබේවික්‍රම, චතුරානී ගුණවර්ධන සහ චන්දිමා ගුණරත්නට දස්කම් අතරට පැමිණිමට අසමත්විම මත මෙවර සංචිතයේ ස්ථානයක් හිමිවී නොමැත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ අවසන් ක්‍රීඩිකාවන් 15 දෙනා ඉදිරියේදී පැවැත්වෙන පුහුණු තරග අතරින් තෝරා ගැනීමට නියමිතය. ඔක්තෝබර් මස 27දා ඇරැඹෙන ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයට එක්දින තරග 5ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළත් වේ.

ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය මෙසේය.- ශෂිකලා සිරිවර්ධන, චමරී අතපත්තු, ප්‍රසාදිනී වීරක්කොඩි, දිලානී මනෝදරා, ඉෂානී ලොකුසූරිය, ඉනෝකා රණවීර, අමා කාංචනා, සුගන්ධිකා කුමාරී, මධුරී සමුද්දිකා, නිපුනී හංසිකා, උදේශිකා ප්‍රබෝධනී, ඕෂධී රණසිංහ, ලසන්ති මධුෂානී, ශ්‍රීපාලී වීරක්කොඩි, හසිනී පෙරේරා, රෝෂිනී පෙරේරා, අනුෂ්කා සංජිවනී, නිලක්ෂී ද සිල්වා, කුෂාන්තී ලියනගේ, චමරී පොල්ගම්පොළ.

නව අදහස දක්වන්න