පළමු කැබිනට් රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

පළමු කැබිනට් රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

 නව රජයේ පළමු කැබිනට් රැස්වීම,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) පෙරවරුවේ දී , ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාළන මැතිවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ලබන වසරේ පෙබරවාරි හෝ මාර්තුවලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් එම මැතිවරණය නව ක්‍රමවේදයකට පවත්වන්නේ ද යන්න පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය සොයා බැලීමට විෂය භාර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.

දැනට පවතින, වී මිලදී ගැනීමේ ගැටලුව සඳහා විසඳුම් සෙවීම පිළිබඳව ද ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විශේෂයෙන් සාකච්ඡා වී ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී යෝජනා කර ඇත්තේ මේ ගැටලුව සඳහා කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

නව අදහස දක්වන්න