SLIIT Open Day 19දා | දිනමිණ

SLIIT Open Day 19දා

 SLIIT විවෘත දිනය (Open Day) මේ මස 19 වනදා මාලඹේ සහ කොල්ලුපිටියේ පිහිටා තිබෙන SLIIT ප්‍රධනා පරිශ්‍රයන්වල සහ මාතර, නුවර, යාපනය සහ කුරුණෑගල පිහිටි SLIIT සෙසු මධ්‍යස්ථානයන්වල දී උදෑසන 9 සිට සවස 4 දක්වා පැවැත්වීමට නියමිතය. SLIIT වෙතින් උපාධි වැඩසටහන් හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට ඔවුන් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින පීඨ සහ එමගින් පිරිනමන නවීන පහසුකම් දැකගැනීමේ අවස්ථාව මෙදින හිමි වේ.

SLIIT විවෘත දිනය (Open Day) SLIIT උසස් අධ්‍යාපන ආයතනය මඟින් පිරිනමන විවිධ වැඩසටහන් පිළිබඳ දැනගැනීමට සුදුසුම අවස්ථාවයි. මෙම අවස්ථාවට සහභාගී වන සිසුන්ට මෙන්ම ඔවුන්ගේ මාපියන්ට ද SLIIT මගින් පිරිනමන විවිධ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ දැනුම්වත් වීමේ අවස්ථාව SLIIT විවෘත දිනයේ (Open Day) දී හිමිවනු ඇත.

සිසුන්ට දැනුම ලබාදීමට කැපවෙමින් පර්යේෂණයන්ට උපකාරයක් වන SLIIT උසස් ධ්‍යාපන ආයතනය උසස් මට්ටමේ වෘත්තිකයන් බිහිකිරීමට කැපවී සිටින මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයකි. [email protected] වෙත ඊමේල් යොමු කිරීමෙන් හෝ +94(11)2413900 ඇමතීමෙන් වැඩිදුර විස්තර දැනගත හැක.


නව අදහස දක්වන්න

Or log in with...