Carmudi වෙතින් ලෝකයේ ටොයෝටා කොරොල්ලා රථගැන විශේෂ දර්ශකයක් | දිනමිණ

Carmudi වෙතින් ලෝකයේ ටොයෝටා කොරොල්ලා රථගැන විශේෂ දර්ශකයක්

ටොයෝටා කොරොල්ලා මෝටර් රථ මාදිලිය මේ වනවිට ලොව ජනප්‍රියම මාදිලිය ලෙස ඇතැම් අය විසින් හඳුන්වනු ලැබේ. කොරොල්ලා රථ වසර 40 කට අධික කාලයක් තිස්සේ නිෂ්පාදනය වන අතර වර්තමානයේ සෑම තත්පර 40කට වරක්ම පාරිභෝගිකයෙකු එම මාදිලියට අයත් රථයක් මිලදී ගනී.

මෙසේ ලොව පුරා ජනප්‍රිය ටොයෝටා කොරොල්ලා රථවල මිලගණන් පිළිබඳ ඔබට වැඩි අවබෝධයක් ලබාදෙනු පිණිස විශේෂ ටොයෝටා කොරොල්ලා දර්ශකයක් පිළියෙළ කිරීමට, ශ්‍රී ලංකාවේ අංක එකේ රථවාහන වෙබ් අඩවිය වන Carmudi කටයුතු කර තිබේ. අප්‍රිකාව, ආසියාව, මැදපෙරදිග සහ ලතින් අමරිකාව ඇතුළුව Carmudi වෙබ් අඩවිය ක්‍රියාත්මක වන රටවල් 20ක තොරතුරු මීට පදනම් වී ඇත.

මේ දර්ශකය පිළියෙල කිරීම සඳහා පසුගිය මාස 6 කාලයක දත්ත අධ්‍යයනය කිරීමට Carmudi කටයුතු කර ඇති අතර ඒ මගින් කොරොල්ලා රථ 17,000ක් පමණ ආවරණය වී තිබේ. සාමාන්‍යයෙන් වැඩියෙන්ම අලෙවිය සඳහා පළකෙරී ඇති කොරොල්ලා රථ වන්නේ 2010 වසරේ නිෂ්පාදිත කොරොල්ලා රථයි. කෙසේ වෙතත් ඇතැම් රටවල මීට වඩා පැරණි කොරොල්ලා රථ වැඩියෙන් අලෙවි කෙරෙන අතර ටැන්සානියාවේ අලුත්ම කොරොල්ලා රථය ලෙස වාර්ථා වී ඇත්තේ 2008 වසරේ රථ මාදිලියකි. මෙම රථ අතරින් ඇතැම් රථ 2005 වසරේ නිෂ්පාදිත ඒවා වන අතර Carmudi යනු පාවිච්චි කළ වාහන අලෙවි කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය වෙබ් අඩවියක් නිසා මෙසේ තරමක් පැරණි වාහන එහි පළකර තිබේ.

ජාත්‍යන්තර මට්ටමින් ටොයෝටා කොරොල්ලා රථවල මිලගණන් සැසඳීම සඳහා සෑම රටකින්ම තෝරාගත් මාදිලි කිහිපයක් සම්බන්ධ දත්ත භාවිතා කිරීමට Carmudi කටයුතු කර ඇත. මේ සඳහා 2005 සහ 2011 අතර නිෂ්පාදිත, කිලෝමීටර් 45,000 සහ 110,000 අතර ධාවනය කෙරුණු රථ තෝරාගන්නා ලදී. අලුත් සහ පැරණි රථ අතර විෂමතා අවම කරමින් සෑම රටකදීම වඩාත් පහසුවෙන් මිලදීගත හැකි රථ මාදිලි මොනවාද යන්න හඳුනාගැනීම මෙහි මූලික අරමුණ විය. මේ අතරින් 2005 මාදිලි ධාවනය කර තිබූ සාමාන්‍ය දුර කිලෝමීටර් 98.500ක් වූ අතර 2011 මාදිලිය සඳහා එය කිලෝමීටර් 67,000ක් ලෙස වාර්තා විය. මේ අධ්‍යනය තුළ පොදුවේ සාමාන්‍ය ධාවන දුර ලෙස දැක්වුණේ කිලෝමීටර් 75,000කි.

The Economist මගින් පළකෙරෙන සරල දර්ශකයක් වන Big Mac දර්ශකය ආදර්ශයට ගෙන සකස් කරන ලද මෙම කොරොල්ලා දර්ශකය ලොව රටවල් කිහිපයක මිලගණන් පවතින පරාසයන් හඳුනාගැනීමට බෙහෙවින් උපකාරී වේ. ආනයන බදු, සැපයුම් ප්‍රමාණවත් නොවීම, ඉහළ යන මිලගණන් ආදී කුමන සාධකයක් අතින් සලකා බැලුවද ටොයෝටා කොරොල්ලා රථය සාමාන්‍ය අගයන් දැක්වීමට සමත් වී ඇත.

මෙම අධ්‍යනයේ සුවිශේෂීම සොයාගැනීම වන්නේ රටක ධනවත් බව සහ මෝටර් රථවල මිලගණන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති වීමයි. උදාහරණයක් ලෙස, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 43, 049ක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සාපේක්ෂව, එම අගය ඇමරිකානු ඩොලර් 1,910ක් වන වියට්නාමයේ කොරොල්ලා රථයක මිල තුන් ගුණයක් ඉහළ ය. ශ්‍රී ලංකාවේ පාවිච්චි කළ කොරොල්ලා රථයක සාමාන්‍ය මිල දැක්වෙන්නේ රු. 3, 271, 399ක් ලෙසිනි. ඔබ මේ ලිපිය කියවීමට ගත් කෙටි කාලය තුළ පවා ලොව තුළ ටොයෝටා කොරොල්ලා රථ 3ක් අලෙවි වෙයි. එතරම් ජනප්‍රිය රථයක හිමිකරුවෙකු වීම සඳහා ඔබටත් www.carmudi.lk වෙබ් අඩවියට පිවිසිය හැකි අතර නැතිනම් Carmudi app එකබාගත කරගෙන ඔබට අවශ්‍ය රථය ඉතාමත් පහසුවෙන් තෝරාගත හැකි වේ.


නව අදහස දක්වන්න

Or log in with...