Metropolitan, නව Acer සහ Canon නිෂ්පාදන බෙදාහරින්නන්ට හඳුන්වා දෙයි | දිනමිණ

Metropolitan, නව Acer සහ Canon නිෂ්පාදන බෙදාහරින්නන්ට හඳුන්වා දෙයි

Metropolitan Computers පෞද්ගලික සමාගම පසුගියදා තම අලෙවි නියෝජිතයන් සඳහා කොළඹ ටාජ් සමුද්‍රා හි විශේෂ උත්සවයක් පවත්වමින් Acer සහ Canon නවීනතම නිෂ්පාදන පෙළ එළිදක්වන ලදී. ලොව විශිෂ්ටතම සන්නාමයන්ගේ තොරතුරු තාක්ෂණ මෙවලම් අළෙවියේ නිරතවන Metropolitan Computers සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන මෙට්‍රොපොලිටන් සමූහයේ හවුල්කාරීත්වය දරයි.

දිවයින පුරා විසිරී සිටින Acer සහ Canon නිෂ්පාදන ප්‍රති අලෙවිකරුවන් විශාල පිරිසක් මෙන්ම මෙට්‍රොපොලිටන් සමුහයේ ඉහළ කළමනාකාරීත්වය ද Acer ​සහ Canon හි සිංගප්පූරු ශාඛාවේ නියෝජිතයින් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

නව Acer සහ Canon නිෂ්පාදන ඇතුළු Metropolitan Computers සමාගම මඟින් අලෙවි කරන සුවිශේෂී සන්නාමයන් ගැන ප්‍රති අලෙවිකරුවන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන් සමඟ පවතින සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීම මේ හමුවේ අරමුණ විය.

Aspire E5 මාදිලිය සහ Acer Aspire V-Nitro මෙහිදී ඉදිරිපත් කර තිබුණු Acer නිෂ්පාදන පෙළ අතරට ඇතුළත් විය. ආකර්ෂණීය නිමාවකින් යුතු Acer Aspire E5 මාදිලිය අනෙක් ලැප්ටොප් වලට හිමිනොවන සුවිශේෂ ලක්ෂණ වලින් යුක්තය. E5 මාදිලියේ ලැප්ටොප් වලට වසර දෙකක වගකීමක් හිමිවන අතර මෙහි හාර්ඩ් ඩ්‍රයිව් එක 1TB වේ. පාරිභෝගික කැමැත්ත අනුව විවිධ තිර ප්‍රමාණ සහ වර්ණ වලින් මෙය මිලදීගත හැකිය. NVIDIA GeForce 920M ග්‍රැෆික් කාර්ඩ් සහිතව ද ලබාගත හැක. එමඟින් වෙළෙඳපොළේ පවතින අනෙකුත් ලැප්ටොප් පරිගණක වලට වඩා වැඩි වාසියක් පාරිභෝගිකයාට අත්වේ.

ඔබේ ජීවිතය වේගවත් කිරීමට සමත් Aspire V-Nitro මාදිලිය සුවිශේෂී ගේමිං අත්දැකීමක් ලබාදීමට සමත් 6 වන පරම්පරාවේ HQ ‍ෆ්‍රොසෙසරය, 16GB රැම් අගයකින්, SSD ඩ්‍රයිව් වැනි සුවිශේෂී අංග ගණනාවකින් සමන්විතය. මෙය ආකර්ෂණීය හැඩයකින් මෙන්ම පෙනුමින් ද යුක්තය.


නව අදහස දක්වන්න

Or log in with...