කළුතර බෝධිය අභියස බෝධිපූජා පින්කම ඇමැති රාජිතගේ ප්‍රධානත්වයෙන් | දිනමිණ

කළුතර බෝධිය අභියස බෝධිපූජා පින්කම ඇමැති රාජිතගේ ප්‍රධානත්වයෙන්

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම කළුතර බෝධිරාජයා අභියසදී පසුගියදා සිදුවිය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගෝණදූවේ ගුණානන්ද නායක හිමියන් ප්‍රධාන කළුතර අත්ථදස්සී මහා විහාරයේ නායක වැරපන විජිත හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් කළුතර බෝධියේ උඩුමළුවේදී පවත්වන ලද බෝධිපූජා පින්කම පැවැත්විණි.

මෙම අවස්ථාවට කළුතර හිටපු නගරාධිපති එම්.එස්. එම්. මුබාරක් හිටපු නාගරික මන්ත්‍රීවරු, කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක නන්දන සිල්වා මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

ජේ.ඒ.සී. පීරිස් දොඩන්ගොඩ සමූහ 


නව අදහස දක්වන්න