ජැකී, කොලින්ස් සැමරූ හැටි. | දිනමිණ

ජැකී, කොලින්ස් සැමරූ හැටි.

සුජීව තේවහෙට්ටිගේ

ඉංග්‍රීසි නවකතා පාඨකයන් අතර ප්‍රචලිත වූ කර්තෘවරියක් තමයි, ජැකී කොලින්ස්. මේ ජනප්‍රිය කතාකාරිය පසුගිය සැප්තැම්බර් මාසයේ දී සදහටම දෙනෙත් පියා ගත්තා.

ජැකී කොලින්ස්ගේ නවකතාවල බහුලව දක්නට ලැබුණේ කුතුහලය සහ රාගයයි. මේ නිසා ඇගේ නවකතා චිත්‍රපටවලට එක්වුණා. එවැනි චිත්‍රපටවල රඟපෑ එලිසබෙත් හර්ලේ පසුගියදා මේ ජනප්‍රිය ගත්කතුවරිය වෙනුවෙන් තම ට්විටර් පිටුවෙහි සටහනක් තැබුවේ තමන්ගේ අඩ නිරුවත් ඡායාරූපයක් ද එක් කරමින්.

‘නිවාඩුවක් අංග සම්පූර්ණ වෙන්නෙ නැහැ, ජැකී නැතුව. එයා හරි අපූරු කාන්තාවක්. එයා හැම වෙලාවෙ ම මාව දිරිමත් කළා.’ මෙන්න මේ සටහන සමඟයි එලිසබෙත් තමන්ගේ රුව එකතු කළේ.

ඇය නාන තටාකයක නාන ඇඳුමින් සැරසීගෙන ජැකී ලියූ ‘The Santangelos’ නම් වූ නවකතාව කියවන අයුරු ඒ ඡායාරූපයෙන් දිස්වුණා.

-Silumina-Rasaduna

 


නව අදහස දක්වන්න