ජගත් ආහාර දිනය දා සමාජ සද්කාරයක් | දිනමිණ

ජගත් ආහාර දිනය දා සමාජ සද්කාරයක්

ශ්‍රී ලංකාවේ චීන අවන්හල් ව්‍යාපාරයේ පුරෝගාමී සමාගම වන ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ’ (chinese Dragon Cafe) ‘ජගත් ආහාර දිනය’ යෙදුණු පසුගිය ඔක්තෝබර් 16 දා තම ආදායමෙන් කෙටසක් දිළිඳු හා අසරණ දරුවන්ට ලබා දී ඔවුන්ට රසවත්, පෝෂණීය ආහාර හා කිරිපිටි සැපයීමේ සමාජ සද්කාර්යයක් පැවැත්වීය.

‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ’ සමාගම එම මුදලින් හැඳල ප්‍රීතිපුර ළමා නිවාසයේ දරුවන් 100කට අධික පිරිසකට දිවා ආහාරය හා හැඳල ප්‍රීතිපුර ළදරු නිවාසයට පිටිකිරි සැපයීය.

‘මතක හිටින කෑමක්’ (Meal to Remember) නම් තේමා පාඨයෙන් බම්බලපිටිය, රාජගිරිය, ගල්කිස්ස, කොළඹ කොටුව හා වත්තල පවත්වාගෙන යන එම සමාගමේ චීන අවන්හල් 5ක ආදායමෙන් මේ සමාජ සත්කාරක වැඩසටහනට දායකත්වය සැපයුණි.

1942 චීනයෙන් පැමිණි ස්වදේශික පවුලක විසින් බම්බලපිටි‍යේ ඇරැඹූ ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ’ සැපයු සාම්ප්‍රදායික චීන ආහාර ශ්‍රී ලාංකිකයන්ට නැවුම් අත්දැකීමක් වූවා සේම එම සමාගම පසුගිය වසර 73 පුරා විවිධ ආහාර වට්ටෝරු 300කට අධික ප්‍රමාණයකින් දිනපතා තම පාරිභෝගිකයන්ට සත්කාර කෙරේ.

වර්තමානයේ සාම්ප්‍රදායික චීන ආහාර කලාවෙන් ඔබ්බට යමින් මතකයේ රැ‍ඳෙන චීන ආහාර කලාවක රසබර අත්දැකීම් සැපයෙන අවන්හල් දාමයක් ලෙසින් ප්‍රකට ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ’ සප‍යන පාරිභෝගික ආකර්ෂණය දිනාගත් Hot Butter Cuttlefish, Seafoof Fried Rice, Chillie Chicken හා Chillie Paste අවන්හලට ආවේණිකවූ රසයකින් සැපයීම විශේෂත්වයකි.

පවුලේ සැමට, මිතුරු සමුහයන්, දේශීය හා විදේශීය ආහාර රසවිඳින්නන් සඳහා වෙන් වූ ඉඩ පහසුකම් සහිත ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ’ අවන්හල් හා සේවාවන් අතර ආහාර රැගෙන යෑම, නිවෙස් හා කාර්යාල වෙත ආහාර සැපයීම www.chinesedragoncafe.com වෙබ් අඩවිය හා facebook පිටුවෙන් ආහාර ඇණවුම් කිරීමේ හැකියාව, උත්සව හා සාදවලට හා කාර්යාල සේවකයන්ට ආහාර සැපයීම සිදු කෙරේ.


නව අදහස දක්වන්න

Or log in with...