ගම්පහ වැඩිම ඩෙංගු සහ මී උණ මිනුවන්ගොඩින් | දිනමිණ

ගම්පහ වැඩිම ඩෙංගු සහ මී උණ මිනුවන්ගොඩින්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ මාසය වනවිටදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හා මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ මිනුවන්ගොඩ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. ඒ අනුව ඩෙංගු රෝගීන් 224ක් ද මීඋණ රෝගීන් 56ක්ද හඳුනාගෙන ඇතැයි වීදියවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් පුෂ්ප කුමාර මහතා පැවැසීය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති මිනුවන්ගොඩ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට ඩෙංගු මර්දනය සඳහා වූ අන්තර් පාර්ශ්වීය රැස්වීමකට සහභාගී වෙමින් පුෂ්පකුමාර මහතා මේ බව කීවේය.

එහිදී අජිත් පුෂ්පකුමාර මහතා ඉදිරිපත් කළ දත්ත තොරතුරු අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ වීදියවත්ත, උඩුගම්පොළ, යටියන ප්‍රදේශවලින්ය.

මේ තත්ත්වය හමුවේ මිනුවන්ගොඩ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සිය බල ප්‍රදේශයේ කඩිනම් ඩෙංගු මර්දන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් කටයුතු යොදා ඇති බව එහිදී අනාවරණය විය.

විශේෂයෙන් ඩෙංගු මර්දනයේදී බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරීන් සමෘද්ධි නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරීන්. ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පූර්ණ සහාය ලබා ගනිමින් කඩිනම් ඩෙංගු මර්දන වැඩ සටහන් ආරම්භ කිරීමට මේ රැස්වීමේදී තීරණය කෙරුණි.

ඇරඹී තිබෙන මේ තත්ත්වයට බලපාන කරුණු රැසක් ‍කෙරෙහි අවධානය යොමු කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

මේ වන විට ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ කොට්ඨාස නමයක වැඩ කටයුතු සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සිටින්නේ අට දෙනෙකු බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු නොමැති බවත් අනාවරණය විය.

සටහන හා ඡායාරූපය උඩුගම්පොළ සමූහ


අදහස් 1ක් ඇත

How about EKALA

පිටු

නව අදහස දක්වන්න

Or log in with...