Co-op රැකියා සල්පිලේදී ANC සිසුන්ට උසස් පිළිගැනීමක් | දිනමිණ

Co-op රැකියා සල්පිලේදී ANC සිසුන්ට උසස් පිළිගැනීමක්

Northwood විශ්වවිද්‍යාල උපාධි වැඩසටහන යටතේ ANC School of Business විසින් සංවිධානය කර තිබූ රැකියා සල්පිල (eareer fair) පසුගිය සතියේදී සාර්ථකව නිමාවට පත්විය. මෙහිදී උපාධිය හදාරන සිසුන් බොහෝ දෙනෙක්ට පුද්ගලික අංශයේ රැකියා අවස්ථාවන් ලබා ගැනීමට හැකි විය. මෙම රැකියා සල්පිලේදී සිසුන්ට දේශීය සහ විදේශීය පුද්ගලික ආයතනයන් හි ප්‍රධාන විධායක නිලධාරීන්, මානව සම්පත් ප්‍රධානීන් ආදී අය සමඟ ඍජුවම සිය අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබුණි. “මෙය සිසුන්ට පුද්ගලික අංශයේ වෘත්තිකයින් හමුවීම සඳහා කදිම අවස්ථාවක්. එසේම දේශීය හා විදේශීය සමාගම් රැසක්ම මෙම රැකියා සල්පිලේදී දැකගත හැකිවීම ඉතා අපූරු අත්දැකීමක්” යනුවෙන් ඇමරිකා/කැනඩා හුවමාරු වැඩසටහනේ දිනුක මලිත් ශිෂ්‍යයා පැවසීය. සිසුන් මෙහිදී සමාගම් නියෝජිතයින් හමුවීම සඳහා විවිධ සමාගම් ප්‍රදර්ශන කුටි අසල පෙළ ගැසී සිටි අයුරු දක්නට ලැබුණි. මෙහිදී ප්‍රමුඛතාවයක් ගත්තේ Virtusa, Orient Insurance Company, Amana Takaful Life Limited, ShipXpress Inc, Entrust Limited, Jaykay Marketing Services(Ptv) Ltd, eChannelling PLC ආදී සමාගම්ය.

සමහර සිසුන් මාස 6 සිට 12 දක්වා වෘත්තීය කාලසීමාවන් ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයක් විණි.

මෙම වැඩසටහන පසුපස ඇති දූරදර්ශී නායකත්වය වන ANC හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය පුනර්ජීව කරුණානායක මහතා පවසා සිටියේ, “මෙය බොහෝ ඇමරිකානු විශ්වවිද්‍යාල සතුව පවතින සංකල්පයක්. මෙය මූලිකවම සීමාවාසික පුහුණුවට (Internship) වඩා වෙනස් දෙයක්.මෙහි වෙනස වන්නේ මෙහිදී සමාගම විසින් සිසුන්ට ගෙවීමක් කළ යුතු වනවා සේම සිසුන්ද වසරක් වැනි කාලයක් පුරාවට උදේ 9 සිට සවස 5 වනතුරු පූර්ණ කාලීන ‍ෙස්වකයින් ලෙසින් සේවයේ නියුතු විය යුතු වනවා.

අපේ සිසුන් ඉතා හොඳ මට්ටමක සිටින අතර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් හෝ මානව සම්පත් ප්‍රධානීන් සොයන හැම සුදුසුකමක්ම ඔවුන් සතුව තිබෙනවා. වෙනත් උපාධිධාරීන් හා සසඳන කල අපේ සිසුන්ගේ ආරම්භක වැටුප පවා තරමක් ඉහළයි.” යනුවෙනි.

මෙම වසරේදී ආරම්භ කළ ANC Co-op වැඩසටහන දිවයිනේ වඩාත්ම පුළුල් ආයතන වැඩසටහන වන අතර එය සිසුන්ට වෘත්තීය අත්දැකීම් එක් කරගැනීමට අවස්ථාව ලබාදෙන ශ්‍රී ලංකාවේ පළමු ආයතන වැඩසටහන වේ.

එසේම ANC Co –op හරහා ආයතන ප්‍රධානීන්ට උද්‍යෝගීමත් සහ දක්ෂ අනාගත වෘත්තිකයින් ඇතුළු තවත් ප්‍රතිලාභයන් සැපයේ. John F Kennedy විශ්වවිද්‍යාල වැඩසටහනේ කාවින්දි මිරැන්ඩා ශිෂ්‍යාව සිය අදහස් බෙදා ගනිමින් පවසා සිටියේ. “මෙය, උපාධිධාරීන් ලෙසින් වෘත්තීය ක්ෂේත්‍රයට ඇතුළු වීමට පෙරම අපව ඒ සඳහා හුරුකරවීමට කදිම වැඩසටහනක්” යනුවෙනි. 


නව අදහස දක්වන්න