98 Acres Resort & Spa ගෝලීය රන් සම්මානය දිනයි | දිනමිණ

98 Acres Resort & Spa ගෝලීය රන් සම්මානය දිනයි

98 Acres Resort & Spa, පසුගියදා පැවති 2015 වර්ල්ඩ් ලක්ෂරි හොටෙල් සම්මාන උළෙලේ (WLHA) දී විශිෂ්ටතම 'Luxury Mountain Resort' සම්මානයෙන් පිදුම් ලැබුවේය.

‍දේශීය උරුමය මත නිර්මාණය වී තිබෙන 98 Acres Resort & Spa ආගන්තුකයින්ට හිමිකරදෙන විවේකී අත්දැකීමේ සුවි‍ශේෂී බව හේතුවෙන් විශිෂ්ටතම Luxury Mountain Resort සම්මානය හිමි විය. ගෝලීය හෝටල් ක්ෂේත්‍රය තුළ තිබෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු පාරිභෝගිකයින්ට ඉහළ සේවාවක්ලබාදීමේ නිරත හෝටල් ඇගයීමේ අරමුණින් WLHA සම්මාන උළෙල පැවැත්වේ. 98 Acres Resort & Spa මෙවර WLHA සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ගෝලීය ජයග්‍රහණ හිමිකරගත් හෝටල් ද්විත්වය අතරින් එකකි.

WLHA සම්මාන උළෙලේදී ලොව පුරා විසිරී තිබෙන ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටල් අගය කෙරෙන අතර එය 2006 වසරේදී ආරම්භ විය. WLHA සම්මාන උළෙලේදී ඉහළ ගුණාත්මකභාවයෙන් මෙන්ම ඉහළ සේවාවක් ලබාදෙන හෝටල්‍ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. රටවල් 145කින් තෝරාගැනුණු ප්‍රමුඛ පෙළේ හෝටල් 1000කට අධික සංඛ්‍යාවක් මෙවර හොංකොං හිදී පැවති WLHA සම්මාන උළෙලට සහභාගී විය.

පෝස්ට් 10000කට අධික ප්‍රමාණයක් හුවමාරු කරගන්නා සංචාරක ‍ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන සිටින බ්ලොග් අඩවියක් වන 'Where cool thing happen' තුළ වඩාත් සන්සුන් හෝටල් 14ක් අතර 98 Acres Resort & Spa ලොව දෙවන ස්ථානයේ රැඳී සිටියි.

මීට අමතරව 98 Acres Resort & Spa සම්මාන ගණනාවකින් පිදුම් ලැබීමට සමත් වී ඇත. 2015 - TripAdvisor විශිෂ්ටතා සහතිකය හා සංචාරක මනාපය මත හිමි වූ 2015 Romance සම්මානය මේ අතරට ඇතුළත්ය. 98 Acres Resort & Spa මෙරට පවතින සුඛෝපභෝගී හෝටල් 25 අතර 18 වන ස්ථානය හිමි කරගෙන තිබීම ද විශේෂය.

2014 වසරේදී Asia Pacific Entrepreneurship සම්මානය හා මෙරට සුඛෝපභෝගී හෝටල් 25 අතර 17 වන ස්ථානය 98 Acres Resort & Spa වෙත හිමි වූ අතර ඇල්ල හෝටලය එහිදී පළමුවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

සිය ආගන්තුකයින්ට උණුසුම් සුහදශීලී ආගන්තුක සත්කාරයක් හිමිකරදෙන 98 Acres Resort සිය ආගන්තුකයින්ගේ අපේක්ෂාවන් අභිභවා ගිය සේවාවක් තවදුරටත් පිරිනමනු ඇත. 


නව අදහස දක්වන්න