ඩ‍යලොග් වෙතින් Cumulus නමින් විශේෂ ක්ලවුඩ් සේවාවක් | දිනමිණ

ඩ‍යලොග් වෙතින් Cumulus නමින් විශේෂ ක්ලවුඩ් සේවාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සේවා සම්පාදන සමාගම වන ඩයලොග් ආසිආටා මේ වන විට Cumulus නමින් විශේෂ ක්ලවුඩ් (Cloud) සේවා එකතුවක් හඳුන්වා දී තිබේ. ලොව නවීනතම තොරතුරු තාක්ෂණයෙන් ප්‍රයෝජන ලැබීමේ අවස්ථාව මෙරට සමාගම් හා ආයතන වෙත ලබාදීම මෙහි අරමුණ වී ඇත.

වෙළෙඳ පොළ වෙත වැඩි වේගයෙන් පිවිසීමේ හැකියාව, අඩු වියදම, නව්‍යකරණය සහ නම්‍යශීලී බව වැනි ගුණාංග කැටිකරගත් Cumulus සේවාව ඩයලොග් සතු විශිෂ්ට සන්නිවේදන තාක්ෂණය, අසමසම බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා පිරිනැමීමේ හැකියාව සහ ජාත්‍යන්තර මට්ටමේ හවුල්කරුවන් වෙතින් ලැබෙන අති නවීන ක්ලවුඩ් තාක්ෂණ යටිතල ව්‍යුහය වැනි ප්‍රතිලාභ රැසකින්ද සමන්විත වී තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ සමාගම් හා ආයතනවලට ජාත්‍යන්තර මට්ටමේ පවතින එහෙත් සැබවින්ම දේශිය ක්ලවුඩ් සේවාවක් ලබාදිමට ඩයලොග් සමාගමට හැකියාව ලැබී ඇත.

Cumulus තුළින් මෙරට මහා පරිමාණයේ ව්‍යාපාරවලට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ද තොරතුරු හා සන්නිවේදන අවශ්‍යතා සඳහා ක්ලවුඩ් අවකාශ ලබාදීම ඩයලොග්හි අපේක්ෂාව වේ. අතථ්‍ය තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහය ආයතින ගබඩා අවකාශ හා දත්ත ගබඩා සේවා, පණිවිඩ යැවීමේ විසඳුම්, සංවර්ධන පදනම, උපාංග කළමනාකරණ සේවා, ව්‍යාපාරික මෘදුකාංග, ඵලදායිතා විසඳුම් සහ කළමනාකරණය කරනු ලබන ආරක්ෂක විසඳුම් යනාදී පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් හා සේවාවන් රැසක් මීට ඇතුළත් වී ඇත.

ඩයලොග් විසින් ලොව ක්ලවුඩ් තාක්ෂණය සම්බන්ධ පුරෝගාමී සමාගම් රැසක් සමඟ අත්වැල් බැඳගෙන මෙම සේවාව පිරිනමනු ලැබීම විශේෂත්වයකි. Ericsson, EMC, Fortinet, Hewlett Packard Enterprise, Kingslake සහ Microsoft යන සමාගම් මෙසේ ඩයලොග් සමඟ එක්වී සිටින අතර මෙරට ISO 27001:2013 සහතික ලද එකම අන්තර්ජාල මධ්‍යස්ථාන එකතුව වන ඩයලොග් අන්තර්ජලා දත්ත මධ්‍යස්ථාන මගින් Cumulus සේවාව host කිරීම සිදු කෙරේ. ඒ නිසා මෙය තොරතුරුවල ආරක්ෂාව සම්බන්ධ ඉහළම ප්‍රමිතීන් පවත්වාගැනීමට සමත් සේවාවක් ලෙස ද හඳුන්වා දිය හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා ජාලය වන ඩයලොග් මේ වන විට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ආදිය සඳහා අන්තර්ජාල හා දුරකථන සේවා මෙන්ම නිර්මාණශීලී ජාත්‍යන්තර සේවා හා ඩිජිටල් සේවා විසඳුම් ඇතුළු පරිපුර්ණ ආයතනික විසඳුම් ‍රැසක් පිරිනමයි. ‍එහි hosted විසඳුම් සේවා රැස අතරට Infrastructure as a Service (laas), Platform as a Service (Paas) සහ Software as a Service (SaaS) ආදිය ඇතුළත් වී ඇත.

එමෙන්ම ඩයලොග් අන්තර්ජාල දත්ත මධ්‍යස්ථාන සේවා අතරට එහි දත්ත මධ්‍යස්ථාන 3 හරහා පිරිනමනු ලබන සමස්ථාන සේවාවන් ද ඇතුළත් වී තිබේ.

ඡායාරූපය-ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න