කන්දහාර් ගුවන් තොටට ‍තලේබාන් ප්‍රහාරයක් | දිනමිණ

කන්දහාර් ගුවන් තොටට ‍තලේබාන් ප්‍රහාරයක්

කන්දහාර් හි ගුවන් තොටුපොළකට එල්ල වූ තලේබාන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් තිස් හත් දෙනකු මිය ගිය බව ඇෆ්ගනිස්තානය වාර්තා කරයි. මියගිය පිරිසට කාන්තාවන් සහ ළමයින් ද ඇතුළත්ය. නේටෝ හා ඇෆ්ගනිස්තාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය මෙම ගුවන් තොටුපොළේ පිහිටා ඇත.

ප්‍රහාරයකින් නව දෙනෙක් ප්‍රති ප්‍රහාර හමුවේ මිය ගිය අතර එක් ප්‍රහාරකයෙකු සෑහෙන වේලාවක් තනිවම ප්‍රහාර එල්ල කරන ලද බව වාර්තා වෙයි. මෙහි දැඩි ආරක්ෂක මුරකාවල් පවතින නමුත් කැරලිකරුවන් පසුගිය අඟරුවාදා සවස් යාමයේ දී බර අවි සමඟ ඊට ඇතුළු වී ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි බලධාරීන් පවසයි. ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි පාසලක සිට ප්‍රහාරය ආරම්භ කර ක්‍රම ක්‍රමයෙන් ගුවන් තොටුපොළ ආක්‍රමණය කර කැරළිකරුවන් විසින් අත්පත් කරගෙන ඇත.

මෙම ප්‍රහාර සිදු වෙද්දී ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානි පකිස්ථාන සංචාරයක නිරත වී සිටින බව වාර්තා වේ. ඒ පකිස්තානය, ඉන්දියාව සහ එක්සත් ජනපද සහභාගී වන කලාපීය ගැටලු සාකච්ඡා කිරීමේ සමුළුවකට සහභාගී වෙමිනි.

මෙහිදී තලේබාන් සංවිධානය සමඟ සාම මාවතකට පිවිසීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නිමිතව තිබුණි.

නේටෝ සහ ඇමරිකානු හමුදා පිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම පසුගිය වසරේ ඇරඹුන අතර එතැන් පටන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩි වන්නට විය. 

 

නව අදහස දක්වන්න