ජංගම දුරකතන කොල්ලකරුවකු සැකපිට අත්අඩංගුවට | දිනමිණ

ජංගම දුරකතන කොල්ලකරුවකු සැකපිට අත්අඩංගුවට

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති යන දරුවන් මෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් ජංගම දුරකතන හා මුදල් පැහැරගැනීමේ යෙදුණු බව කියන තරුණයකු එසේ පැහැරගත් නවීන ජංගම දුරකතන 15ක් සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

පෑලියගොඩ නුගේ පාරේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක්දරු පියෙකි. හිටපු හමුදා සෙබළකු සේ පෙනී සිටිමින් මේ සැකකරු මෙම කොල්ලයන් මෙහෙයවා ඇතැයි පොලිසිය හෙළි කරගෙන ඇත.

කොල්ලකන ලද දුරකතන කොළඹ නගරයේ විවිධ පෙදෙස්වලට විකුණා මත්කුඩු මිලදී ගෙන ඇතැයි ද අනාවරණය වූ බව පොලිසිය කියයි.

සොයාගත් දුරකතනවල වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වේ.

බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතාගේ මෙහයවීම හා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජගත් වීරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක උපුල්, උප පරීක්ෂකවරුන් වන මංජුල හා විජේසේකර යන මහත්වරු ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.


නව අදහස දක්වන්න