ගයිටොන්ඩ්ගේ තෙල් සායම් සිතුවමක් වාර්තාගත මිලකට අලෙවි වෙයි | දිනමිණ

ගයිටොන්ඩ්ගේ තෙල් සායම් සිතුවමක් වාර්තාගත මිලකට අලෙවි වෙයි

 ඒ. එෆ්. පී.

වසුදියෝ එස්. ගයිටොන්ඩ් ගේ තෙල් සායම් සිතුවමක් මුම්බායි හි ක්‍රිස්ටිගේ වෙන්දේසියේ දී වාර්තාගත මිලකට අලෙවි වී තිබේ. ඒ ඉන්දීය රුපියල් මිලියන 293 (ඩොලර් මිලියන 4.4) කටය. එය ඉන්දියානු කලා කෘතියක් අලෙවි වූ වැඩිම වටිනාකම ලෙස නව ලෝක වාර්තාවක් ද වේ.

මේ වසර මුලදී නිව්යෝර්ක් හි දී ඩොලර් මිලියන 4.01කට අලෙවි වූ ෆ්‍රාන්සිස් නිව්ටන් සූසාගේ වාර්තාව මෙසේ බිඳවැටුණු අතර, ෆ්රැන්සිස් විසින් බිඳහෙළා ඇත්තේ 1995දී වසුදියෝ එස්. ගයිටොන්ඩ්ගේම වාර්තාවක් වීම විශේෂත්වයකි.

මෙම නිර්මාණය මිලදී ගෙන ඇත්තේ ජාත්‍යන්තර එකතුකරන්නකු ලෙස සඳහන් වූවාට ඔහුගේ නම හෙළිකර නොමැත. මෙම ක්‍රිස්ටිගේ වෙන්දේසිය බටහිර ඉන්දීය නගරයේ ටජ්මහල් පැලස් නම් අති ‍සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු බව වාර්තා වේ. වෙන්දේසියකදී වැඩිම වටිනාකමට අලෙවිවුණු ඕනෑම ඉන්දීය කලා කෘතියක් වෙන්දේසියකදී අලෙවි වූ වැඩිම වටිනාකම ලෙස මෙය ලෝක වාර්තා අතරට එක්වන බව ලෝක කලා කෘති පිළිබඳ ක්‍රිස්ටිගේ ජාත්‍යන්තර ප්‍රධානී විලියම් රොබින්සන් පැවසීය.

ඉන්දියානු කලා කෘති අතර ඉතා ඉහළ වටිනාකම් වාර්තා කරමින්, වාර්තා පිට වාර්තා පිහිටවූ ගයිටොන්ඩ් 2001 වසරේදී මියගියේ ය. 2013 වසරේදී ක්‍රිස්ටිගේ පළමු ඉන්දීය වෙන්දේසියේ දී ඔහුගේ නිර්මාණයක් රුපියල් මිලියන 237 කට අලෙවි වී ඇත.


නව අදහස දක්වන්න