ප්‍රංශයේ සුපිරි සාප්පුවලට නව නීතියක් | දිනමිණ

ප්‍රංශයේ සුපිරි සාප්පුවලට නව නීතියක්

ප්‍රංශයේ පැනවෙන නව නීති අතරට ඉතා අපූරු නීතියක් එක් වී තිබේ. මේ නීතිය අනුව ඔවුන් පුන්‍ය ආයතන සමඟ සම්මුතියකට පැමිණිය යුතුයි. ඒ ඉවත ලන ආහාර පාන එසේ ඉවත් නොකර පුණ්‍ය ආයතන හරහා අසරණ ජනතාවට ලබා දිය යුතුයි. විකුණාගත නොහැකි වූ ආහාර පාන බොහෝ සේ දිනපතා ඉවත ලනු ලබයි. එක් දිශාවක එලෙසආහාර පාන විසි කරනු ලබද්දී තවත් දිශාවක ජනතාව දුගී දුප්පත් හෝ අසරණ කමින් පීඩිතව කුසගින්නේ සිටිති.

මෙම නීතියේ ප්‍රායෝගික බව අත්හදා බලන ලද්දේ මේ වසරේ මුල් භාගයේ සිටය. ප්‍රංශ බලධාරීන් පවසන්නේ තනි තනියෙන් කෙනෙකුට උදව් කරනවාට වඩා මෙය ප්‍රායෝගික බවයි. කෙනෙක් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අතරේ තවත් කෙනෙක් සාමාන්‍ය පරිදි කුසගිනි නිවාගෙන ජීවත්වීම කිසිදු අසාධාරණයක් නොවේ යැයි ඔවුන් පවසයි.

තවත් රටක වුව යහපත් යමක් වේ නම් එය ආදර්ශයට ගැනීමට පසුබට නොවන බව ප්‍රංශය පවසයි. අමෙරිකාවේ සෙනෙට් සභික බිල් එමර්සන් විසින් 1996 ආහාර පරිත්‍යාග පනත මඟින් අවන්හල් අයිතිකරුවන්ට සහ ආහාර පරිත්‍යාග කරන්නන්ට ශ්‍රද්දාවෙන් යුක්තව ආහාර පරිත්‍යාග කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස එම 'ගුඩ් සැමරිටන්' පනත පිළිබඳ නිසි වැටහීමක් නැති අවන්හල් අයිතිකරුවෝ ඉවත ලන ආහාර තම සේවකයින්ට වත් ලබාදීමට කටයුතු කළේ නැත. එම පනතෙහි වටිනාකම එදාටත් වඩා ගැළපෙන්නේ අදටත් ‍හෙටටත්ය. මෙම ආදර්ශය දිය යුත්තේ යුරෝපයේ රටවල් පමණක්ම නොවන බව වර්තමානයේ නාස්තිකරන ආහාර පාන පිළිබඳව විමසද්දී පෙනී යයි. 


නව අදහස දක්වන්න