කාන්තා සොල්දාදුවන්ගෙන් පිරුණු සිරියානු හමුදා ඒකකය | දිනමිණ

කාන්තා සොල්දාදුවන්ගෙන් පිරුණු සිරියානු හමුදා ඒකකය

“ගැහැණු ළමයෙක් වගේ සටන් කරන්න” කාන්තා සොල්දාදුවන්ට නව ජීවයක් ලබා දෙමින් කුර්දි ජනතාවගේ රැකවරණ ඒකකය ලෙස හඳුන්වන සිරියානු හමුදා ඒකකය සම්පූර්ණයෙන්ම සමන්විත වන්නේ කාන්තා සොල්දාදුවන්ගෙනි. අයි. එස්. අයි. එස්. සටන්කරුවන්ගෙන් කුර්දි ජනතාව ආරක්ෂා කරනු ලබන්නේ මේ ඒකකය මගිනි. මේ කාන්තා රැකවරණ ඒකකයට කාන්තා සොල්දාදුවන් 7000 කට ආසන්න ප්‍රමාණයක් එක්වී සිටින අතර මේ වන විට අයි. එස්. අයි. එස්. සටන්කරුවන්ගේ ප්‍රධානතම සතුරකු බවට ද මේ ඒකකය පත් වී තිබේ.

පිරිමි සොල්දාදුවන්ටත් වඩා අයි. එස්. අයි. එස්. සටන්කරුවන් මොවුන්ට බිය බව අසත්‍යයක් නොවන බව වාර්තා වේ. ඊට හේතුව ලෙස ඔවුන් දරන්නේ අපූරු අදහසකි.

“අයි. එස්. අයි. එස්.” සටන්කරුවන් පවසන්නේ ඔවුන් සටන් කරන්නේ ඉස්ලාම් ආගමේ නාමයෙන් බවයි. එහෙත් කවුරුන් හෝ ගැහැණු අයෙකු අතින් මරුමුවට පත් වුවහොත් ඔවුන්ට දෙවියන් වෙත යාමට නොහැකි බවත්, ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් කාන්තා සොල්දාදුවන්ට මහත් බියයි.”

මේ කාරණාවම ‍ප්‍රයෝජනයට ගනිමින් එතෙක් ත්‍රස්තවාදීන් විසින් පාලනය කළ සිරියානු නගර බේරාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. කොබානි සහ අල්-හොවුල් නගරවලින් ද අයි. එස්. අයි. එස්. සටන්කරුවන් 20% ක් පමණ පළවාහැරීමට ඔවුන් සමත් වී තිබේ. මේ සූර වීර කාන්තා සෙබළියන් පවසන්නේ ඔවුන්ට හසුවුවහොත් එක් අයි. එස්. සටන්කරුවකුවත් පණපිටින් නොතබන බවයි. 

ඒ. එෆ්. පී.

නව අදහස දක්වන්න