තැලසීමියා දරුවා සතුටු කරන්න පොලිස් කොමසාරිස් ධුරයක් | දිනමිණ

තැලසීමියා දරුවා සතුටු කරන්න පොලිස් කොමසාරිස් ධුරයක්

ඉන්දියාවේ අට හැවිරිදි පිරිමි ළමයෙකුට පසුගියදා පොලිස් කොමසාරිස් ධුරය හිමි විය. මදපල්ලි රූප් ඔරෝනා නම් තැලසීමියා රෝගයෙන් පෙළෙන ඔහුට දින 20 – 25 තුළ රුධිරය පාරවිලයනය කළ යුතුය.

ඔහුගේ ආශාව අනාගත‍යේදී හයිද්‍රාබාද් හි පොලිස් ‍කොමසාරිස්වරයා වීම බව හයිද්‍රාබාද් පොලිස් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් වෙත දන්වා යවනු ලැබුවේ ගුරුවරු යුවළකගේ පුත්‍රයකු විසිනි. රූප් ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කිරීමට ඉදිරිපත් වන්නේ “Make a wish” පදනමයි. එම පදනම මඟින් මෙවන් ජීවිත තර්ජනවලට මුහුණ දී සිටින දරුවන්ගේ අනාගත අපේක්ෂාවන් අත්විඳීමට අවස්ථාව උදාකර දෙන ‍අතර එවන් අවස්ථාවලින් ඔවුන් ලබන සතුට, ශක්තිය හා ගොඩනඟා ගන්නා බලාපොරොත්තු නිසා මුහුණදීමට සිදු වී ඇති භයානක රෝග තත්ත්වයන්ට ධෛර්යයෙන් මුහුණදීමට හැකියාව ලැබෙන බව ඔවුහු පවසති.

මෙසේ දිනකට හයිද්‍රාබාද් හි පොලිස් කොමසාරිස්‍ ලෙස පත් වූ රූප වසර ගණනක් තිස්සේ පසුවන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබමිනි. ඖෂධ, ආහාර ආදිය පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔහු නිරන්තර වෛද්‍ය පරීක්ෂණවලට යොමුවිය යුතුය. ඒ ඔහුගේ රුධිරයේ යකඩ මට්ටම වැඩි වූ විට රුධිර පාරවිලයනය කළ යුතු බැවිනි. එසේ නොමැති වුවහොත් ඔහුගේ ශරීරයේ ප්‍රධාන අවයවවලට හානි පැමිණිය හැක. 

ඒ. එෆ්. පී.

නව අදහස දක්වන්න