“වට්ස් අප්” ස්මාර්ට් ජංගම දුරකථන අවහිර කරන්නැයි නියෝග | දිනමිණ

“වට්ස් අප්” ස්මාර්ට් ජංගම දුරකථන අවහිර කරන්නැයි නියෝග

බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකථන සේවයක් වන “වට්ස්අප්” (WhatsApp) අවහිර ‍කරන ලෙස නියෝග කොට තිබේ. සාඕ පෝලේ අධිකරණය මඟින් මේ නියෝගය ලබා දී ඇත්තේ දින දෙකකට බලපැවැත්වෙන පරිදිය. එහෙත් සේවා සපයන්නන් ඊට එකඟ නොවුවහොත් එම අවහිර කිරීම ඉක්මනින් ඉවත් නොකරන බව ද දැනුම් දී ඇත.

අධිකරණය පවසන්නේ මීට පෙර කීප වතාවක්ම අපරාධ පරීක්ෂණ සඳහා WhatsApp සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් ඊන් එක් අවස්ථාවකවත් සහාය ලබා නොදුන් බවයි.

මේ වසර මුලදී පිඔයි ප්‍රාන්තයේ විනිසුරුදු WhatsApp අවහිර කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. 

ඒ. එෆ්. පී.


නව අදහස දක්වන්න