ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි | දිනමිණ

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි

ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පවතින උෂ්ණාධික තත්ත්වය නිසා ප්‍රදේශ කීපයක ලැව්ගිනි හට ගෙනී ඇති බව වාර්තා වේ. තද සුළං තත්ත්වය ලැව්ගිනි පැතිරවීමට සමත් වී ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ දෙකක ඇති වූ තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවන භටයින් කැඳවීමට ද සිදු වී ඇත. පැතිර යන ලැව්ගින්න නිසා පර්ත් හි නිවසක් හා ඉන්ධන පිරවුම් හලක් ද විනාශයට පත් වී ඇත. වොට්ල් ග්‍රෝව් සහ කෙන්වික් දක්වා ද ගින්න පැතිර යන බවට අනතුරු හඟවා තිබේ. කෙන්වික් හි බ්‍රෙන්ට්වුඩ් මාර්ගය දෙපස හා ටොන්කින් අධිවේගය දෙපසම ලැව්ගින්නට හසු වී ඇත.

ගිනි සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ ලැව්ගිනි තත්ත්වය මැඩපවත්වමින් සිටින බවයි. එහෙත් එය කාලගුණය මත තීරණය වනු ඇති බව ඔවුන් පවසයි. තද සුළං හා උෂ්ණත්වය ඉහළ යාම මේ තත්ත්වය වැඩිවීමට හේතු වන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. පර්ත්හි අපේක්ෂිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 කි. මේ වනවිට හෙක්ටයාර 94ක් පමණ දැවී ගොස් ඇති අතර ගිනි නිවන භටයන් 40 දෙනකු පමණ ගිනි පාලනය කටයුතුවල යෙදී සිටිති. බ්‍රෙන්ට්වුඩ් මාර්ගය වසා දමා ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්, දැනුවත් කර තිබේ. විදුලි බල පද්ධතියට ද හානි පැමිණ ඇති අතර බොහෝ පිරිස් ප්‍රදේශයෙන් ඉවත් වී ඇත.

ලැව්ගින්න ආරම්භ වී ඇත්තේ ශ්‍රීව් මාර්ගය ආසන්නයේ පිහිටි පඳුරු ගහන ප්‍රදේශයකින් වන අතර ඒ ආසන්නයේ පිහිටි නිවාස දෙකක් ද ඉන් විනාශයට පත් විය. ඩොලර් 20, 000ක් හා ඩොලර් 5000ක් ලෙස එම නිවෙස්වල අලාභය ගණනය කර තිබේ. 

ඒ.එෆ්.පී

 

නව අදහස දක්වන්න