විකට නළු බිල් කොස්බිට ලිංගික අපචාර චෝදනා | දිනමිණ

විකට නළු බිල් කොස්බිට ලිංගික අපචාර චෝදනා

බිල් කොස්බි විකට චරිත තුළින් මෙන්ම ‘කොස්බි ෂෝ’ තුළින් ද ජන හදවත් දිනාගත් පුද්ගලයෙකි. 2004 වසරේදී ඔහු විසින් සිදු කරන ලදැයි පැවැසෙන ලිංගික අපචාරයක පැමිණිල්ලකට අනුව පෙනිසිල්වෙනියානු අධිකරණය හමුවේ පෙනී සිටින්නට සිදුවිය. ඔහුට එරෙහිව මෙවන් පැමිණිලි රැසක් තිබෙන බව වාර්තා වේ. ඔහුට එරෙහිව තිබෙන මේ චෝදනාව බරපතළ බව ෆිලඩෙල්ෆියාවෙන් පිටත, නොරිස්ටවුන්හිදී ප්‍රකාශ කරන ලද්දේ දේශීය සහකාර දිස්ත්‍රික් නීතිවේදියා විසිනි.

78 වියේ පසුවන බිල් කොස්බි අභියාචනයක් ඉදිරිපත් කර නැති බව අධිකරණ වාර්තා හෙළිකරයි. ඔහුගේ ඇප මුදල ඩොලර් මිලියනයක් බවත් ජනවාරි 14 වැනි දින නැවත නඩුව විභාග වන බව වාර්තා වේ. කොස්බිගේ ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණ භාරයට මේ චෝදනාවට ගෙන ඇත. කොස්බි වරදකරු වුවහොත් වසර 10කට නොඅඩු සිර දඬුවමක් සමඟ ඩොලර් මිලියන විසිපන්දහසක වන්දියක් ද ගෙවීමට ඔහුට සිදුවනු ඇත. බිල් කොස්බි උසාවිය වෙත පැමිණියේ ගල් ගැසුන ස්වරූපයෙන් බව මාධ්‍ය වාර්තා කරයි. ඔහු උසාවියට පැමිණෙනතුරු මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් රැස්ව සිටි බවද වාර්තා වේ. ඉතා ජනප්‍රිය චරිතයක් වන බිල් කොස්බි මාධ්‍යවේදීන්ට මුහුණදීමට අපහසු තත්ත්වයකට පත්ව සිටි බව ඔහුගේ ඉරියව් පෙන්නුම් කළ බ ව මාධ්‍යවේදීන් පවසයි. 80 දශකයේ සුප්‍රසිද්ධ “ද කොස්බි ෂෝ” වැඩසටහනට සහභාගි වූ කාන්තාවන් පනහකට අධික පිරිසක් තමන්ට සිදු වූ අපචාර පිළිබඳ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරති.

එහෙත් කොස්බිගේ නීතිඥයින් ප්‍රකාශ කරන්නේ මේ චෝදනා සියල්ල අසත්‍ය බවයි. 

ඒ.එෆ්.පී

 

නව අදහස දක්වන්න