බ්‍රිතාන්‍ය නළුවෝ දෙදෙනෙක් එලිසෙබත් රැජිනගේ ගෞරවයට | දිනමිණ

බ්‍රිතාන්‍ය නළුවෝ දෙදෙනෙක් එලිසෙබත් රැජිනගේ ගෞරවයට

දෙවැනි එළිසෙබත් රැජින විසින් වාර්ෂිකව ගෞරවයට පාත්‍ර කරනු ලබන පිරිසට ඉද්රිස් එල්බා ඩේවිඩ් ඔයේලොවෝ නම් බ්‍රිතාන්‍ය න‍ළුවෝ දෙදෙනා ද අයත් වෙති. ඔවුන් බ්‍රිතාන්‍ය නළුවන් වුවාට අමෙරිකාවේ ජනප්‍රිය චරතිය. ඒ අනුව OBE (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ නියෝගය යටතේ) නම් ගරු නාමයෙන් ඔවුන්ගෙන් නාට්‍ය ක්ෂේත්‍රය වෙත ලද සේවය අගයකිරීමට ලක් වෙනු ඇත.

43 වියැති එල්බා තමා ගෞරවයට පත් වන්නේ රැජින සහ තම රටෙන් වීම අතිශය සතුටට කරුණක් බව පවසයි. එසේම මෙය සුවිශේෂී අවස්ථාවක් බවත් මෙයින් තමා ආඩම්බරයට පත් වන බවත් ප්‍රකාශ කර තිබේ. විශිෂ්ට වසරක ඇරඹුමක් බව එල්බා සඳහන් කරයි. එල්බා නළුවකු ලෙස අමෙරිකාව තුළ ජනප්‍රිය වන්නේ ද වයර් ඇන්ඩ් ලුතර් රූපවාහිනි විකාශය හරහාය. SAG සහ ‍ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහාද නිර්දේශ වූ එල්බා මතක සිටින චරිත රැසකට පණ පොවා ඇත. ගෞරවයට පත් කෙරෙන ඔයේලෝවෝ 39 හැවිරිදිය. ඔහු චාල්ස් කුමරාගේ අරමුදල් හරහා තරුණයින්ට සිනමා නිෂ්පාදන සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය පදනම සකස් කළේය.

නළු‍වකු වීමට අත්දැකීම් මඟින් මග පාදා දුන් බව ඔහු පවසයි. රැජිනගේ ගෞරවයට පත්වීමත් ඇගේ පුත්‍රයාගේ අරමුදල් වලින් ආධාර ලබා ගැනීමත් අලංකාර සම්පූර්ණ චක්‍රයක් ලෙසදැනෙන බව ඔයේලොවෝ ප්‍රකාශ කළේය. 

ඒ.එෆ්.පී

නව අදහස දක්වන්න